( තිළිණි ද සිල්වා )
වත්මන් රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුව තුළ එළිදක්වන ලද නව ව්‍යවස්ථා යෝජනා ඒකීය ශ්‍රී ලංකාව රටවල් නමයකට බෙදා වෙන් කිරීමේ සැලසුමක් යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කියා සිටී.
මෙම යෝජනාවලිය මඟින් පැහැදිලිය ඔප්පු වී තිබෙන තිබෙන කරුණ වන්නේ සන්ධීය රාජ්‍යයක් නැතහොත් ෆෙඩර්ල් රාජ්‍යයක් බිහිකිරීම සඳහා පිඹුරුපත් සැකසීම බවත් , ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා පෙන්වා දේ.
එබැවින් ‘‘ ඒකීය ’’ යන සිංහල වචනය පමණක් භාවිතයට ගනිමින් ඉදිරිපත් කර ඇති කූට බෙදුම්වාදී ලියවිල්ල එකහෙළා ප්‍රතික්ෂේප කරමින් ඊනියා බෙදුම්වාදීන්ගේ උත්සාහය පරාජයට පත් කිරීමට ජාති , පක්ෂ පාට භේදයකින් තොරව එක්වන්නැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සමස්ත ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටින බවද එහි සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා කියා සිටී.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාවේ පළමු වන පරිච්ජේදයෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත ස්වභාවයෙහි ඒකීය තත්ත්වයක් නොමැති බව මැනවින් දක්වා ඇති බවත් සඳහන් කරන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පෙන්වා දෙන්නේ
එය එම වාර්තාවෙහි ශ්‍රී ලංකා රාජ්‍යයෙහි ස්වභාවය විස්තර කරනු ලබන ‘‘ ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ නිශ්චිත දක්වා ඇති බලතල ක්‍රියාත්මක කරනු ලබන්නා වූ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකීය රාජ්‍යයක් ( ඔරුමිත්ත නාඩු) වන්නාවූ නිදහස් ස්වෛරී ,ස්වාධීන ජනරජයක් වේ ’’ යන වගන්තියෙන් පැහැදිලි වන බවද කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයක් ප්‍රකාශ කරන්න පදනමක් තිබිය යුතුයි නේද?
ඔයාල ඔච්චර ලංකාවට ආදරේ නම් ඇයි වෙන රටවලට වෙලා දේශනා පවත්වන්නේ?
ආණ්ඩුව කල යුත්තේ ව්‍යවස්ථාවක් අල්ලාගෙන කල් මැරීම නොව කඩා වැටී ඇති ආර්ථිකය වහාම ස්ථාපිත කිරීමයි.
හොඳයි ඔහොමවත් දියුණු වුනොත්...
අනිවාර්යයෙන් රටවල් 9කට බෙදන්න ඕනෑ.. එවිට බල ගන්න පුළුවන් උතුරු පළාත ඉක්මනින් සංවර්ධිත රටක් වන ආකාරය...
මේ රට බෙදෙනවා කියන කට්ටිය මේ අහවල් වගන්න්තිය නිසා අනාගතේ මෙන්න මේ ආකාරයෙන් රට බෙදීමට ඉඩ තියෙනවා කියන්නේ නැති එක ලොකු අඩුවක්.
රට අස්ථායි කිරීමේ දුරස්ථ වැඩ සටහනක්.පඹයෝ මෙහෙ වැඩ.ඩොලර්,ඩොලර්
ඔය සංසද වල ඉඳගෙන එක එක කාලෙට එක එක දේ කරන කට්ටිය ගැන ඒ ගොල්ලෝ ඉන්න රටවල අපේ තානාපති කාර්යාල වල "පරීක්ෂණ ලිපි ගොනු නඩත්තු කෙරෙන බවත් එල් ටී ටී ඊ සංවිධානය බලවත්ව සිටි වකවානුවේ ඔය කියන සමහරු එම සංවිධානය සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට එම ලිපි ගොනුවල තොරතුරු ඇතුලත් වෙන බවත්" සඳහන් වාර්තාවක් අන්තර් ජාලයේ තියෙනවා අපි දුටුවා. රටට ජාතියට ආගමට ආදරේ බවට උජාරු කතා කියන මේ කාටවත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුඋන බවට දැන් නඩු පවා වැටි ඇති කිසිම දුෂණයක් හෝ භීෂණයක් හෝ ගැන කිසිම නරකක් නොපෙනෙන එකනේ පුදුමේ.
වෙන්නේ නැති දේවල් ගැන ප්‍රචාරය ඉතාම බරපතයි, ඊටත් අපි එහෙම කවදාවත් වෙන්න දෙන්නේත් නෑ..සරල කාරණයක්,.අඩු ගානේ උතුරු නැගෙනහිර වෙන් කර ගන්නවා යැයි බොරුවට හරි කිව හැකිය..මේ වගේ ප්‍රකාශ ඉතා නින්දිකය.
දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ සියලු දෙනාගේම සාකච්ඡාවට භාජනය කල හැකි ලියවිල්ලක් මිස, එය පැහැදිලිවම ව්‍යවස්ථාවක් නොවේ. මෙහි අන්තර්ගතය අනාගතයේදී ව්‍යවස්ථාවක් සඳහා යෝජනා වුවහොත්, එය සම්මත කරන්නට හෝ නොකරන්නට, ජනමත විචාරණයක් හරහා සියලු පුරවැසියන්ට අවස්ථාවක් ලැබේ. අද සමහර දේශපාලකයින් යයි කියා ගන්න අය පන්සල් ගානේ යමින් කොරහේ කිබුලන් මවමින් සිටී. එසේම තවත් සමහරෙක් පිට රට සිට "ලංකාව රටවල් 9කට බෙදා වෙන් කරන්නට යනවා" වැනි මෝඩ අදහස් ප්‍රකාශ කරමින් සිටී.
අප්පුහාමි, පිට ඉන්න කට්ටිය එවන මුදල් වලින් තමා ඔයගොල්ලන්ට පඩි ගෙවන්නේ.
ස්ථීරවම ඒක කරන්න සැලසුම් කරල ඇත්තේ මේ අයම තමායි. පිටරට කහින සුද්දන්ගේ රෙදි හෝදන්න තමයි නැති දේවල් මවන්නේ.
මේ එන්.ජී.ඔ්.නඩේ කිසිම පදනමක් නැතුව නිකම්ම රටට ගිනි තියන්න හදනවා. අපොයි, මේ අයගේ තියන දේශ ප්‍රේමය! අත් අඩංගුවට අරගන දෙක තුනක් හොම්බ හරහා අනින්න තියෙන්නේ, ගිලපු ඒ.ජී.ඔ. ඩොලර් පස්ස පැත්තෙන් විසිවෙන්න! මේක තමයිමේ අයගේ ස්වයං රැකියාව!
පිටරටක රැකියාවක් කරනවාට වඩා, මෝඩයින්ව රවටලා මඩිය තර කර ගැනීම වඩා පහසු බව මෙවැනි සංවිධානවල සංවිධායකයින් හොඳින් දන්නවා. කුඩැල්ලව මෙට්ටේ උඩ තියන්න බැහැ වගේ, ජීවිත කාලය පුරාම සංවර්ධිත විදේශ රටක ජීවත් උවත්, උපතින් ගෙනා මෝඩ තක්කඩි නම් නිමක් නැහැ. මේ වගේ අය තමයි පිටරටවලදී, සිංහලයන් වගේ ජීවත් වෙන්න හදනවා, ලංකාවේදී, සුද්දෝ වගේ හැසිරෙනවා. අනේ මන්දා?
මේ පිටරට ඉන්න සංසද කාරයන් මෙච්චර කල් කොහෙද හිටියේ? මේගොල්ලෝ සත පහකට විශ්වාස කරන්න එපා. ඔයගොල්ලෝ අරගොල්ලොත් එක්ක එකට පාටි දාගෙන ඒ අයගෙන් නිකන් කකා තමයි පිටරට වලට වෙලා ඉන්නේ.
ගෝලීය ලාංකික සංසදය, එජාප මැට්ටන්ට ඕවා කියා වැඩක් නැත. ඔවුන්ට කොළපාටටයි රනිල්ටයි එහා දෙයක් පෙනෙන්නේ නැත...
මමත් ඉන්නේ විදේශගතවෙලා. මේවන විට අපි ලංකාවේ අසරණ ළමයින් 300-400 කට උදව් කරලා තියෙනවා.....