අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් දුරකථන - සුරුට්ටු මිටි සොයාගනී
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බී වාට්ටුව අසළ භූමියේ වළ දමා තිබූ ජංගම දුරකථන 4ක් සහ සුරුට්ටු මිටි 21ක් අත්අඩංගුවට ගත් බවත්, ඒවා බන්ධනාගාරයට ගෙනයාමට උපකාර කළ බවට චෝදනා ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.