( +++ සුජිත් හේවාජුලිගේ)
මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීමට බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ ආරක්‍ෂක රැකවල් යටතේ පාර්ලිමේන්තුවට අද (21) පස්වරුවේ රැගෙන එනු ලැබීමට නියමිතය.
රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් ද කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.
තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අවස්ථාව දෙන්නැයි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර මේ අනුව ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබිණි.
පාර්ලිමේන්තු රැස්වීම් අද සිට ලබන 24 වැනිදා සිකුරාදා දක්වා පැවැත්වෙන අතර රන්ජන් රාමනායක මහතා ඒ සියලුම රැස්වීම්වලට සහභාගිවීමට නියමිතය.
ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා ලබන 29 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මොනවගෙන් මොනවා වෙයිද.?
ඔබ තුමාට නැතිවෙන්න දෙයක් නැහැනේ, දෙන එක දෙන්න ඔය සුදු ඇදගෙන බන කියන අයගේ රෙදි ගැලවෙන්නම.
රන්ජන් රාමනායක ගේ හොඳ වැඩත් තියෙනවා නරක වැඩත් තියෙනවා.
ඇට්ටි හැලෙන්න දෙන්න රන්ජා !
දැන් අපේ කට්ටිය රන්ජගේ පැත්තට ගිහින් වගේ. අකේ කාලේ වනේ වාසේ.........පිස්සන්ටත් අනුගාමිකයෝ ඉන්නවා......
නීතියක් ගෙනෙන්න පුළුවන් නම් සැකයකට හෝ මොනයම් හේතුවකට දියවන්නා ඔයේ ඉන්න " මිහරකෙක් " ගේ රජයේ බෝඩිමට ගියොත් නීතියෙන් නිදහස්, නිවැරදි වෙනතෙක් එම මිහරකාට දියවන්නා පට්ටියට ඒමට නොහැකි වෙන ආකාරයට. රටේ මුල් පුරවැසියාට මෙම අදහස් කියවීමට හැකි වේවා !