(මනෝප‍්‍රිය ගුණසේකර)
හෙරොයින් ග්‍රෑම් 03 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු ග‍්‍රැන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (21) නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරද`ඩුවමක් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ ග‍්‍රැන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචි ආර්.ඒ. චතුරංග ප‍්‍රියද්ර්ශන නමැත්තාටය.
2017 ජනවාරී මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ග‍්‍රැන්ඞ්පාස් ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 03.78 ක් ළඟ තබා ගැනීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී වලාන දිසා දුෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂ වජිර ධනපාල මහතාට ලැබුණු තොරතුරකට අනුව ග‍්‍රැන්ඞ්පාස් ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන, සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව හෙළි විය.
විත්තිකරුට එරෙහිව නඟා ඇති සියළු චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරද`ඩුවමක් විසින් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට ඇබ්බැහි උන පොඩි මිනිහෙක් ග්‍රෑම් තුනක් තියාගත්තට මරණ දඬුවම දීම අයුක්ති සහගතය. මරණ දඬුවම දිය යුත්තේ මේවා රටට ගෙන්වන අයට සහ දේශපාලුවන්ටයි.
එතකොට කන්ටේනර් ගණන් ගෙනාපු අය දැන් හිරේද.?
කමක් නෑ නඩුකරතුමනි, ලොකු වැඩක් කරලා තියෙන්නේ.....