(නිමන්ති රණසිංහ)
අල්ලස් වශයෙන් රුපියල් 5000 ක් ලබා ගත් බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(20) නියෝග කළාය.
ඉතාලියේ පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයකුට සහ ඔහුගේ දරුවන් තිදෙනාට ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන බව පවසා අල්ලස් ලබාගැනීම හේතුවෙන් සැකකරු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ බන්ධනාගාර ගතකරන ලද්දේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයේ කළමනාකාර සහකාරවරයකු ලෙස සේවය කරන අතුරුගිරියේ පෝරේ පදිංචි සරත් කුමාරසිරි නමැත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීත්‍යානුකූලව බැරි දෙයක්නම් බෑම තමයි. එයා අල්ලස් ගැනීම වැරදියි. ඒ වගේම නීත්‍යානුකූලව කරන්න පුලුවන් දේ බෑ කීමත් වැරදියි. එය ඉටු කළ හැකි විය යුතුයි. රාජ්‍ය සේවය පත්වෙලා තියෙන ඉරණමක හැටි.....ඔතන පරිපාලන සේවයේ නිලධාරීනුත් ඉන්නවා. තව වෙන වෙන නිලධාරිනුත් ඉන්නවා. ඔවුන් පොඩි නිලධාරීන් යොදාගෙන මිනිස්සුන්ගෙන් අල්ලස් ගන්නවා. අන්තිමට අහුවෙන්නේ හාල් මැස්සෙක්. මේක මේ රටින් තුරන් විය යුතුයි.
මේ ඉතාලියේ ඉන්න මෝඩයෝ හොර පාස්පෝට් වලින් ඉතාලි එන්නත් ඉමිග්රේෂන් එකට පගා දෙනවා මදිවට ඩුවල් පාස්පෝට් එක හදා ගන්නත් පරණ පුරුද්දටම පගා දෙන්න යනවා. ඒ වගේම කස්ටම් සහ ඉමිග්රේෂන් අයත් ඉතාලි මෝඩයෙක් දැක්ක ගමන් ඕනෙම දේකට පගා ඉල්ලන්න පුරුදු වෙලා ඉන්නවා.
මොකටද අල්ලස් දෙන්නේ? සත පහක පගාව දෙන්න උවමනා නෑ.
ඕවා මොනවද ? ඔයිට වඩා පගා ගන්න අය ඕන තරම් මේ රටේ ඉන්නේ. දේශපාලුවෝ කියලා ඒ අයත් නිකම්ද ?
ගුවන් තොටුපොලෙත් කිසියම් කැමරා පද්ධතියක්වත් සවිකරනවානම් තත්ත්ව පාලනය පරික්ෂ කරන්නට, ඔය විදියටම පොටර්වරුන්ගේ සිට ඉහලටම බොහෝදෙනා හසුවෙනවා සිකුරුයි. විදේශගතව සිට ආපසු පැමිණෙන්නන්ගේ බග් ගුවන් යානයෙන් ගත මොහොතේ සිට ගමන් මලු පටිය දක්වා පැමිණෙන අතර මුළුමනින්ම කැමරාවට හසුවිය යුතුයි. එමෙන්ම විදේශ සිට පැමිණෙන්නන්ගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ, ගමන් මලු මගීන්ගේ ඉල්ලීමකින් තොරවම හෝ මගීන්ගේ අකමැත්ත පිටම, කාක්කන් මෙන් බලහත්කාරයෙන්ම කරත්තවල පටවාගෙන, මගීන්ටත් පෙර පිටතට තල්ලුකරගේනගොස් ගානක් ඉල්ලන පොටර් වරුන්ද හසුකරගත යුතුයි.
විදේශිකයන්ට වීසා නිකුත් කරනකොට ඉස්සර බොරැල්ලේ කාර්යාලයේදී පැයෙන් දෙකෙන් කල වැඩේ දැන් කරන්න පැය 4-5 ක අනවශ්‍ය රස්තියාදුවක් නිර්මාණය කරලා මුදල් ගරාගන්න මෙම පුද්ගලයන් ක්‍රියා කරනවා , හොඳම වැඩේ එන පුද්ගලයන්ට තුන්ඩු නිකුත් කරන්න ස්වයංක්‍රිය මැෂිමක් ස්ථාපිත කර ඒක ඉස්සරහ කැමරාවක් සවිකරන්න. අර රියදුරු බලපත්වල වගේ එස් එම් එස් එන්න ක්‍රමයක් ස්ථාපිත කරන්න.
ගුවන් තොටුපලේ ආගමන විගමන කවුළුවල සේවය කරන නිලධාරීන්ට , තම සේවා මුරය තුල තම ආසනයේ රැදී සිටීමට නියෝග කරන්න. සමහර වෙලාවට පෝලිම්වල 100 කට වැඩි පිරිසක් සිටිනවිට නිලධාරියෝ ගුවන්තොටුපලේ තැන තැන ඇවිදිමින් නිකරුනේ කාලය ගත කරන බව නිරීක්ෂණය කරන්න පුළුවන්
ඔය බොරැල්ලේ පාස්පෝර්ට් කාර්යාලයේ තව උසස් නිලධාරීන් ඉන්නවා. ඔය අහුවෙලා ඉන්නේ හාල්මැස්සෙක්.