(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට නියමිත සන්ධානයෙන් එළඹෙන මහ මැතිවරණය සදහා අපේක්‍ෂක ලැයිස්තු සකස් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට තුනෙන් එකක අපේක්‍ෂක ප‍්‍රතිශතයක් ලබාදිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඒ සදහා එකගතාවක් ඇතිව තිබෙන බව කී මහලේකම්වරයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප‍්‍රමාණය අනුව එම තීරණයට එළඹ තිබෙන බව ද සදහන් කළේය.
දැනට විදෙස්ගතව සිටින බැසිල් රාජපක්‍ෂ මහතා යළි පැමිණි පසු පොදුජන එක්සත් පෙරමුණ වෙනුවට, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කළ යුතු බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඉන්පසු මහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ ගැන සාකච්ඡා කළ යුතු බව ද කීවේය.
ඡන්ද ලකුණ සහ අපේක්‍ෂක ප‍්‍රතිශතය සම්බන්ධයෙන් දැනට ඇතිකරගෙන තිබෙන එකගතා අනුව ඉදිරි කටයුතු සිදුවනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව ද මහලේකම්වරයා කියා සිටියේය.
මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී.ල.නි.පය උතුරු, නැගෙනහිර පළාත්වල යම් තරමකට බලවත් නිසා අපේක්‍ෂකයින් ඉදිරිපත් කිරීමේදී එම පළාත් වෙනුවෙන් වැඩි අවස්ථාවක් ලබාදීමේ එකගතාවක්ද තිබෙන බව මහලේකම්වරයා පැවසීය.
ඉදිරි මහ මැතිවරණය සදහා භික්‍ෂූන් වහන්සේලාට නාමයෝජනා දෙන්නේද නැද්ද යන්න ගැන ශ්‍රී.ල.නි.පය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කී දයාසිරි ජයසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගන්නා තීරණය අනුව මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කර පක්‍ෂයද තීරණයක් ගන්නා බව සදහන් කළේය.
මේ වන විට සියලූ දෙනා පොහොට්ටුව හා එක්ව ඇති නිසා ශ්‍රී.ල.නිපයක් නැති බවට එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා මහත්වරුන් කර ඇති ප‍්‍රකාශය අනුමත නොකරන බව කී මහලේකම්වරයා පක්‍ෂය ඉදිරියටත් තිබෙන බව ද කීවේය.
නමුත් ඔවුන් දෙදෙනාව පොදුජන පෙරමුණේ අය ගණන් නොගන්නා නිසා ඡුන්දයේදී ශ්‍රී.ල.නි.ප පාක්‍ෂිකයන්ගෙන් සහය ලබාගැනීමට සිදුව ඇතැයි ද ජයසේකර මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස් රාත්තලම ඉල්ලනවා වගෙයි. ඒ කියන්නේ කැබිනට් ඇමතිකම් 30 කින් 10ක්ම නුඹලටද, ඇමතිකම් 10 ක් කරන්න පුලුවන් 10 ක් ඉන්නවද? එහෙම නොවෙයි මගේ පුද්ගලික අදහස ඔබලා ගන්න ආසන ප්‍රමණය අනුව තීරණය කරමු. ගිය සැරේ ගමයා පොහොට්ටුවට ආදාර කළේ නැහැ. ඒකත් මතක තියාගන්න. එයා ආධාර කළානම් ඡන්ද අඩුවෙන්න තිබුනා. ඒක වෙනම කතාවක්.
කීයක් දෙනවද ?
තුනෙන් එකක් දෙන්නෙත් නැහැ. දුන්නත් ආයේ පාර්ලිමේන්තුවට තේරෙන්නෙත් නැහැ. මනාපෙන් අන්තිමට. ඕක තේරුම් ගන්න මහා ලොකු මොළයක් ඕනෙත් නැහැ.
තනිව තරග කළාට ආසන 10 ක් වත් ගන්න බෑ. එජාපයට එකතුවෙලා ඉල්ලන්නත් බෑ. ඔය යන්නේ පොහොට්ටුවෙන් ඉල්ලලා වැඩි ගානක් අරගෙන එජාපයට පනින්න. ගමරාළගේ වැඩ අපි දන්නවනේ.
රිලවු වගෙ එහෙට මෙහෙට තමුන්ගේ වාසියට,පැවැත්මට හා බලතන්හාවට පනින අය ගැන මොන කතාද ?
මේ අය හදන්නේ පොහොට්ටුව අතේ නටවන්නයි.
ඔයාලා කාටවත් මේපාර හිතන ආසන ගණන් දෙන්න ජනතාව මෝඩ නෑ. ඔයාලත් පරණ අයගේ බොරුවම කරනබව දැන් පැහැදිලි .
දයාසිරි, අපෙත් ඉවසීමේ සීමාවක් තිබෙනවා. ජනාධිපතිවරනේදීත් අන්තිම මොහොත වෙනකම්ම පච පච ගගා ඉඳල අන්තිම මොහොතේ ඇවිත් වෙනම රැස්වීම් තිබ්බා.
පොහොට්ටුවෙන් ඉල්ලන්න ලැබෙන මනාප ප‍්‍රමාණය අනුව තනතුරු තීරණය කරන්න , එහෙම බැරිනම් ශ්‍රී ල නි පෙ ලෙස තනිවම ඡන්දෙට මුහුණ දීලා බලන්න.
ශ්‍රී.ල.නි.ප.ය රැක ගනිමු.
තුනෙන් එකක් තියනවද කියල බලන්න තනියෙන් වෙනම පක්ෂයක් විදියට ඡන්දය ඉල්ලලා බලන්න. එතකොට කාගෙවත් සන්ධාන හෝ වෙනම ඡන්ද ලකුණු අවශ්‍ය වෙන්නේ නැහැ.