(ඉන්දිකා රාමනායක)
පුද්ගලයකුගෙන් රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමට ගිය පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අද (21) පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නඩුවකට අදාළව පැමිණිල්ලේ මුල් පිටපත් සහ සාක්කි සම්පිණ්ඩන සහිත වාර්තාවක් ලබා දීම සඳහා සැරයන්වරයා මෙම පුද්ගලයාගෙන් අල්ලස් ඉල්ලා තිබේ.
සැකකාර සැරයන් අද (21) පෙරවරු 9.20 පැමිණිලිකරුගෙන් මෙම මුදල් ලබාගත් අවස්ථාවේදී එම ස්ථානයේ සිටි අල්ලස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු පැල්මඩුල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ සැරයන්වරයෙකි.
සැකකාර සැරයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ රථවාහන තිබෙන තාක් කල් රිය අනතුරු වැළක්විය නොහැක. ලෝකයේ මනුෂ්‍යයින් ඉන්න තාක් කල් දුෂණය වැළක්විය නොහැක. නමුත් මේ දෙකම අවම කළ හැකිය. රථ වාහන අනතුරු වැළැක්වීමට නම් රථවාහන නීති පද්ධතියක්, නමට නොව ඉතාම සක්‍රීයව රජ කරවිය යුතුය. එහි ක්‍රියාත්මක වීම වෙනත් පද්ධතීන්ගෙන් අධීක්ෂණය විය යුතුය. දුෂණය නැවත්වීමට නම් දුෂණ මර්දන නීති පද්ධතියක් නමට නොව ඉතාම සක්‍රීයව රජ කරවිය යුතුය. එහි ක්‍රියාත්මක වීම වෙනත් පද්ධතීන්ගෙන් අධීක්ෂණය විය යුතුය. කොටින්ම දුෂණ නැවැත්විය හැක්කේ පුද්ගලයාට රජ වීමට ඉඩ නොදී නීතිය රජ කරවීමෙනි. නීතියේ අධිපත්‍යය විනා පුද්ගල ආධිපත්‍යය පවතින තාක් කල් දුෂණය වැළක්විය නොහැක. අපට ඇත්තේ නීතිය පහතට දමා පුද්ගලයින් ඉස්මතුවන ක්‍රම සහ පද්ධති පමණකි.
හොඳ වැඩේ ජරාව කන පොලිස් පප්පලාට. ඔහොම අහිංසක මිනිස්සුන්ගෙන් පගාව ගන්න අයගේ රස්සාවත් නැති කරලා දාන්න ඕන.