(ඉන්දිකා රාමනායක)
අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා සිටි දැනට වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පැය දෙක හමාරකට අධික කාලයක් පුරා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියේය.
ධම්මික හේමපාල මහතා පස්වරු 2.35 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි පස්වරු 5.15 ට පමණ ඉන් පිටව ගියේය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහේස්ත්‍රාත්ද ? එහෙනම් අර වගේ වැඩක් කරන එක පුදුම නැත.
ඔබට සතුටුයිද දැං රංජන් මහත්තයා?
ලංකාවේ දුෂිතයෙන් තොර කිසිම ආයතනයක්වත් නැහැ.
හඬපටයේ නං මේ මනුස්සයා කතා කරේ විනිසුරුවරුන්ගේ දූෂිත ක්‍රියා. රන්ජන් මොකද කරන්නේ කියලා ඇහුවමත් කියන්නේ ජනාධිපතිට කියන්න කියලා මිසක් මෙයා පෞද්ගලිකව උදව්වක් කරන්නේ නෑ. හඬපටයෙන් මොහු සාමාන්‍ය සරල ජීවිතයක් ගෙවන මිනිසෙක් බවයි පේන්නේ.
මෙය වැරදිද -නිවැරදිද කියන්න මම දන්නේ නැහැ නමුත් -ඇස් ඇරලා බලන්න මේ මනුස්සයාගේ මූණ දිහා එකේ තියන කියවීම දුක සන්තාපය, පසුතැවීම, අවිනිශ්චිත බව, මේ හැම දෙයම.
මෙයානම් පව්. හම්බ කරපු දෙයක් නෑ වගේ. එත් අරයනම් හොදට ගසා කාල වගේ. කොහොම නමුත් මොවුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. අහිංසක මිනිහෙකුගේ සුළු වැරැද්දටත් ලේසියකට ඇප දෙන්නේ නෑ. හැබැයි පාර්ලිමේන්තුවේ අය ඉස්පිරිතාල වල ඉඳලම ගෙදර යනවා.