නෙදර්ලන්තයේ හිටපු තානාපතිට 16 තෙක් එරට රැඳී සිටීමට අවසර
සිය පත්වීමට අදාළ අක්ත පත්‍ර බාර දුන් ඉකුත් 03 වැනිදා සිට නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් සුමිත් නාකන්දල මහතා සේවය කරන බවත් , සුවිශේෂී තත්ත්වයන් යටතේ ලබන 16 වැනිදා තෙක් එරට රැඳී සිටීමට නෙදර්ලන්ත රජය හිටපු ශ්‍රී ලංකා තානාපති ඒ.එම්.ජේ.සාදික් මහතාට අවසර ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.