(ප්‍රියානි මංගලිකා )
කොබෙයිගනේ, හෙන්ගමුව ප්‍රදේශයේ මහා පරිමාණ කුකුළු ගොවිපළක සුනඛයන් මරා දමන බවට වූ සිද්ධියේ සැකකාර මුරකරු පෙබරවාරි 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නිකවැරටිය මහෙස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත්කෙරුනේ කොබෙයිගනේ හෙන්ගමුව නැබඩවැව පදිංචි කරුවෙකි.
පැමිණිල්ලක් නොමැති වුවද ප සුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය වූ වීඩියෝ පට කිහිපයක, මෙම සැකකාර මුරකරු සුනඛයන්ට වද හිංසා පමුණුවා මරා දමන අයුරු සටහන්ව තිබී ඇත.
ඒ ඔස්සේ පරීක්ෂණ කර, සැකකාර මුරකරු අත්අඩංගුවට ගත් බවද, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.
නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී එල් අමරකෝන් මහතාගේ අධීක්ෂණයෙන් ,ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බංඩාර ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් විසින් පරීක්ෂණ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මේ ආත්මෙදි පලදෙන පව්කාර වැඩ.