(නිමන්ති රණසිංහ)
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට අල්ලස් කොමිසමෙන් පවරන ලද දූෂණය නමැති චෝදනාවට අදාළ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේ සහ කොමිසමේ අනුමැතියකින් තොරව නඩුව පවරා ඇති බවට මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රකාරව මොවුන් නිදහස් කර තිබේ.
2018 අප්‍රේල් මාසයේදී අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණි.
මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ලෙස සේවය කළ සමයේ දී හීන්කෙන්ද මහතා රුපියල් 230,984ක දුරකතන බිලක් සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔක්කොම හොඳයි. අපිද එතකොට මේ රටේ දේවල් මංකොල්ල කාලා තියෙන්නේ? මහා භාණ්ඩාගාරේ ගෙදර අරන් ගිහින් තියෙන්නේ...
නිදහස් වෙන්නැතිව කොහොමත් දැන් ඇමතිනේ...
නිදහස් උනේ තාක්ෂණික දෝෂයක් නිසා මිස කල වරදෙන් නිදහස් උනේ නැත. නිවැරදි ක්‍රමයට නැවත නඩු පවරන්න.
හනේද කියන්නේ...?
මේවා සිංහල ජානවලින් එන දෙයක්ද? දෙමළ, මුස්ලිම් මිනිස්සු අපේ නායකත්වයට අකමැති වෙන එකේ පුදුමයක් නැහැ.
හොඳ තීන්දුවක්. දැන් මේ පාරත් හොඳ කුට්ටියක් කාලා ඊළගට ආපුවාම ආයේ නිදහස්.
මේ අයත් නීතිය නමන බව නම් පැහැදිලියි. අර එක ඇමති කෙනෙක්ගේ වාහනයට දෙදෙනෙක් හැප්පිලා මැරිලත් එක දවසක්වත් රිමාන්ඩ් එකේ හිටියා කියලා ඇහුනේ නැහැ..
අර විදේශයකදී පැනලා කකුල් කඩාගෙන බෙහෙත් කලේ මහජන මුදල්වලින් නේද?
බෙහෙත් කළේ ගමේ වෙදාගෙන්... සත පහක් ගියේ නැහැ මහජන මුදල්...
අහිංසක මිනිස්සුන්ට කරදර කරනවා. දැන් හැමෝම නිදහස්, අපි තමයි හොරකන් කරලා තියෙන්නේ...
ඔන්න කනෝ පිනුම් පේනවනම් බලාගනින්...