(රංජන් කස්තුරි)
රජයේ පාසලක පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩිකර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලබාගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
පළමු ශ්‍රේණියේ එක් පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 සිට 35 දක්වා අඩු විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.
ඒ අනුව වසර කිහිපයක සිට එක් ශිෂ්‍යයකු බැගින් අඩුවන ආකාරයට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ.
ඒ අනුව 2020 වසර සඳහා නිකුත් කළ චක්‍ර ලේඛයේ සඳහන් වන්නේ පළමු ශ්‍රේණියේ පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 36ක් විය යුතු බවය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව එක් පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 35 බවට පත්විය යුත්තේ 2021 වසරේ සිටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ ටිරාන්... එක පන්තියක ළමයි 25ක් වෙන්න ඕනේ. එතකොට හොඳට උගන්නන්න පුළුවන් වෙන්නේ. මේ කරන්නේ මෝඩරැලක්... අායෙත් හදාගෙන දේශපාලනේ පෝස්ටර් අලවන්න කට්ටිය හදන්න.
සංවර්ධනය අනික් පැත්තට යන ලකුණු තමයි පෙනෙන්නේ. නැත්නම් ළමයි ගණන අඩු වෙන්න ඕන එක වැඩි කරනවද?
අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න මම හිතන්නේ ආණ්ඩු මාරුවෙනකම් බලාසිටින්න උවමනාවක් නැහැ. නීතිය කවදත් සාධාරණයි. මේ වැඩෙන් ගම්බද පාසල් වැසීයනවා. නාගරික තදබදය, වාහන තදබදය ආදී ප්‍රශ්න ගණනාවක් ඇතිවෙනවා. නගරයේ 1 වසර පන්ති 5ක් තිබෙන පාසලකට ළමුන් 25ක් වැඩිවෙනවා. නගරයේ පාසල් 6ක් තිබෙනවානම් එක වර්ෂයකට ළමුන් 150 ගණනේ වැඩිවෙනවා එම නගරය අවට කුඩා පාසල්වල නඩත්තු වියදම් අඩුවෙන්නේ නැහැ සිසුන් අඩුවුනාට. ගම්බද පාසල්වල ඉතුරුවන්නේ අඩුම අදායම් ලබන අයගේ දරුවන් පමණයි.