(ජයන්ත සමරකෝන්)
ජලය හොරෙන් ගන්නා පුද්ගලයින්ට මින් ඉදිරියට දඩ පමණක් නොව වසර දෙකකට නොවැඩි සිර දඩුවමක්ද නියම කරන බවත් ඊට අදාළ කෙටුම්පත මේ වන විටත් සකක් කර අවසන් බැවින් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසීය.
ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ අද (20) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ ප්රවෘත්ති සාකච්ජාවකදී මේ පිළිබදව කීවේය.
හොරෙන් ජලය ලබා ගැනීම සම්බන්ධ පැමිණිලි සති දෙකකට වතාවක් 20 කට වැඩි සංඛ්‍යාවක් ලැබෙන බවත් ඒ අතර මහා පරිමාණ ව්‍යාපාරිකයින් ඇතැයිද පැවසූ අමාත්‍යවරයා එවැනි වැටලීම් සම්බන්ධ කටයුතු කඩිනම් කරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇතැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නැති නිසා අහන්න හිතුණා. මහබැංකුව එහෙම කැඩුවොත් හරි සල්ලි හොරකම් කළොත් හරි මොකද වෙන්නේ? අපේ රටට ලෝ මේකර්ස්ලා 225ක් ඉන්නවා නේද? මදි නම් තව ගමු... අපිනේ නඩත්තු කරන්නේ.
බැංකු හොර කෑවොත්, ආණ්ඩුවේ සල්ලි හොර කෑවොත් , රටේ සංවර්ධන සල්ලි හොරා කෑවොත් , ආධාර වලින් හොරා කෑවොත් කිසිම නඩුවක් නැත. වතුර හොර ගත්තොත් වසර 2 හිරේ.
මහාපරිමාණ හොරකම්, වන්චා, දුෂණ කරපු කරන දේශපාලුවන්ට මේ නීති කිසිවක් බලනොපානු ඇති.
වතුර විතරක් නොවෙයි, ජනතාවට අයිති දේපල සොරෙන් ගත්තොත් අවුරුදු 20ක සිරදඬුවමක්වත් දෙන්න.
මේ පුද්ගලයා මහ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම ඇඩ්රස් කැන්සල් කර ගෙදර යැවිය යුතු පුද්ගලයෙකි. ජනාධිපති තුමනි, මෙවැනි අය ළඟ තබාගෙන ඔබට යා හැකි ඉදිරි ගමනක් නැත. මොවුන්ට ඔබේ ඉදිරිමග ගැන වගේ වගක් නැත. පරණ පුන්නක්කුම ජනතාවට පොවන්නට තවමත් උත්සාහ කරනවා පමණි.