(දීපාල් ද සිල්වා)
අම්බලන්ගොඩ මීටියාගොඩ මාර්ගයේ ගලගොඩ ප්‍රදේශයේ උපකාරක පන්තියක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ළමුන් 8 දෙනෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
වහලයෙන් ශබ්දයක් ඇසුණු බවත් පසුව වහලය සමඟ ගොඩනැගිල්ල කඩා වැටුණු බවත් ගොඩනැගිල්ලේ හිමිකරු සඳහන් කළේය.
පසුව ප්‍රදේශවාසීහු එක්ව සුන්බුන් අතර සිටි දරුවන් බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ පන්ති පවත්වපු ගුරුවරයාට පනයනකල් පහර දෙයි, දේශපාලකයෝයි, පොලිසියයි, වෙනත් සංවිධාන වලිනුයි. නමුත් මේකට ස්ථිර විසඳුම ඒක නොවෙයි. වෙනත් දියුණු රටවල මෙන් කුලියට දෙන ගොඩනැගිලි, නිවාසද ඇතුළුව, අඩුතරමින් වසර දෙකකට වරක්වත් සහතික ලත් ගොඩනැගිලි පරීක්ෂක වරයෙක් ලවා සහතික කල ගැනීම අනිවාර්ය කල යුතුයි.