(ඉන්දිකා රාමනායක)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් පොලිස් දෙපාර්තමේන්තුව සතුව නොමැති හෙයින් අධි ධාරිතාවකින් යුත් නවීන සන්නිවේදන උපකරණ පටිගත කිරීමේ උපකරණ සිංගප්පූරුවෙන් ඇනවුම් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම හඬපට පිටපත් කිරීම සඳහා දැනට මෙරට ඇති නවීනතම උපාංග වලින් සමන්විත ධාරිතාවයෙන් යුත් දෘඩ තැටි ඇතුලු උපාංග රජයේ රස පරීක්ෂණවරයා වෙත යොමුකර ඇති බවත් එම ප්‍රමාණය ප්‍රමාණවත් නොමැති හෙයින් අවශ්‍ය උපකරණ මෙලෙස සිංගප්පූරුවෙන් ආනයන කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙකු ලංකාදීපයට පැවසීය.
මෙම උපකරණ හෙට (20) හෝ අනිද්දා (21) යන දිනයන් වල ලැබීමට නියමිත බවත් ඒවා ලැබුණු පසු සියළු හඬපට පිටත් කිරීම ආරම්භ කරන බවද එම උසස් නිලධාරියා කියා සිටියේය.
රන්ජන් රාමනායක මහතා සතුව තිබී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ හඬපට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇති බව පොලිසිය කියයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත මෙම විශේෂ පොලිස් කණ්ඩායම් පත්කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
බස්නාහිර පළාත තුළ පොලිස් ස්ථාන වලින් හා විශේෂ ඒකක වලට අයත් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් මේ කණ්ඩායම් සඳහා පත්කර ඇති බවත් එක් කණ්ඩායමකට සහකාර පොලිස් අධිකාරීවරයකු , ස්ථානාධිපතිවරයෙකු ඇතළු සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බවද පොලිසිය කියයි.
මෙම හඬපට විශ්ලේෂණය කර රන්ජන් රාමනායක මහතා අධිකරණයට , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවවේ පරීක්ෂණවලට සිදුකර ඇති බලපෑම් සම්බන්ධයෙන් අපරාධ නඩු විවිධාන සංග්‍රයට අනුකූලව වෙන් වෙන් වශයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඔහුට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කරන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන්ගේ පිටින් දමලා තව කවුරුහරි හොරදෙටුවෙක් ලොකු කුට්ටියක් කඩාගන්න හදපු උපක්‍රමයක් හැටියට මේ බහුභූත ආනයනය අපට පේනවා...! සමහර විට මේ යන්ත්‍ර රුපියල් කෝටි ගණනක් වටිනවා ඇති. රන්ජන්ගේ හඬ පරීක්ෂාවෙන් පස්සේ මේවා පරණ යකඩ හැටියට පංචිකාවත්ත පැත්තේ කඩවලට විකුණන්න බැරිද? මේ සඳහා වැය කරපු මුළු මුදලම පියවා ගැනීම සඳහා වසර ගණනක් ආපස්සට ගොස් හිටපු මැති ඇමතිවරු සියල්ලන්ගේම කටහඬ මේ යන්ත්‍රවලට යොමුකර සියලු රහස් හෙළි කර ගත්තොත් මෙතෙක් කල් අප නොදැන සිටි දේවල් එලියට එන්නත් බැරි නැහැ. එවැනි කතාබහ, සංවාද සමහරවිට රන්ජන්ගේ ඒවාට වඩා රසවත්, හරබර වෙන්නත් බැරි නැත !!
අන්තිමට එළි වුණේ රන්ජන් රාමනායක කියන්නේ අන්ත ආගම්වාදී කුලවාදී බෞද්ධ විරෝධී මනුස්සයෙක් කියලා.
තජුෆින්ගේ මරණය සම්බන්ධව දැන් ඉන්න ආණ්ඩුව ඒ ගැන කතා නැහැ. දැන් රන්ජන්ගේ හඬ පට වලටත් වෙන්නේ ඒ දේම තමයි.
ඔන්න නන්දලාල් දොඩවන්න පටන් අරන්.
ඔය රන්ජන්, හිරුනිකා, පද්මිණි, හරීන්, යන අයගේ කට හඬවල් ඒ ගොල්ල එක්ක දිනපතා කතා බහ කරන ඇත්තෝ අඳුරනවානම් මොන දේකටද පිට රටින් අලුතින් උපකරණ ගෙනෙන්නේ.
ඇයි මෙච්චර කලබල..? ඒකෙනුත් ගසාකන්න ඇති ඇමති හරි නිලධාරීන් ටිකක් හරි. වෙන දේවල්වලට නැති පුදුම තදියමක්නේ.. මහින්ද සහ ඔහු වටේ ඉන්න පරිණත තක්කඩි විසින් ජනාධිපතිගේ වැඩපිළිවෙල වනසනවා.
ඒකටත් මහජන මුදල්ද යොදවන්නේ?
ඇත්තටම කීයක් ගියත් කමක් නෑ. මේක කළ යුතුමයි. ජීවන බර අඩුකරන එක.. ඡන්දෙදි පැය 24න් අල්ලනවා කියපු මහබැංකු හොරු අල්ලන ඒවා එකක්වත් වැඩක් නැහැ. දෙනවා කිව්ව සහන එපා. මේකම කරමු. මොකද රටේ ලොකුම ප්රශ්නය මේක නිසා..
අවුරුදු ගණන් පරණ නඩු තිබෙනවා. ඒ ඔක්කොම තිබෙද්දී දැන් මේක තමයි මුළු රටටම වැදගත්ම ප්රශ්නය. හොර පාස්පෝට්, අතුරුදහන් වීම්, මිනීමැරුම්, හොරකම්, මේවා එකත්වත් වැදගත් නැහැ. මේ කුණුහරුප කතා අහන එක තමයි ඉස්සරවෙලාම හොයන්න ඕනේ...
"රන්ජන්ගේ පිටින් දමලා තව කවුරුහරි හොරදෙටුවෙක් ලොකු කුට්ටියක් කඩාගන්න හදපු උපක්‍රමයක් හැටියට මේ බහුභූත ආනයනය අපට පේනවා." සියලුම වැරදි තම පිටින් යවන්න ලැහැස්ති වෙනවානම් රන්ජන්ට තිබෙන්නේ ප්‍රසිද්දියේ කියන්න මේ මේ අය සම්බන්දයි කියලා. එහෙම නොකියනවානම් තමන් සම්පූර්ර්ණ වගකීම බාර ගන්න වෙනවා .
යකඩෝ බලාගෙන යනකොට රටේ ආරක්ෂක අංශවලට නැති තාක්ෂණ උපකරණ, රන්ජා ගාව තිබිලනේ...
කොහොමද ඒකට බඩු ගන්න තියෙන හදිස්සිය? අරහේ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ලත් නවත්තළලු. මේකේ කොමිස් එක කාටද දන්නේ නැහැ ගියේ නේද? යූටර්න් ලේකම් කාර්යාලයටද ආරක්ෂක එකටද? ගුවන් යානාත් ගෙන්වන්න යනවලු. තව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 50ක අති විශාල ණය මුදලක් අරගෙන හමුදාවට උපකරණ ගන්නවලු. ඒවා ගන්නෙත් ඉන්දියාවෙන්ම වෙන්නැති... මිනිස්සු ඡන්දෙ දුන්නේ වහල් ආණ්ඩුවට විකල්පයක් කියලා වුණාට තෝරාගෙන තියෙන්නේ වහල් ආණ්ඩුවට ආදේශකයක්. ඒවමයි කරන්නේ. ඊටත් එහා ගිහින්...
මේ වගේ අමන වැඩ දැන්වත් නැවැත්තුවොත් ජනපතිතුමාගේ ආදර්ශමත් වැඩපිළිවෙල රටේ සල්ලි නාස්ති නොකර දිගටම කරගෙන යයි.
මේ හඬ පරීක්ෂාවට සල්ලි නාස්ති කරන්න කලින්, රජයේ සේවක දීමනා, රෝහල්, බෙහෙත්, මාර්ග සඳහා මුදල් යොදවන්න. බොරුවැඩ නිසා මෙයාලත් ඉක්මණින්ම යහපාලනේට වෙච්චි දේම කරගන්නවා සිකුරුයි. අපි මේවා බලන්න නොවේ.. අලුත් ආණ්ඩු හැදුවේ...
මේ 225 ම හොරු. එක්කෝ කුඩුකාරයෝ. ස්ත්‍රී දුෂකයෝ. මේ 225 ම එල්ලා මරණ තුරු මේ රට ගොඩ ගන්න බෑ.
අල්ලස් කොමිසමේ ලොක්ක ඉල්ලා අස් උනේ මේවා බලන් ඉන්ඩ බැරි නිසාද?