(ශාන්ත චන්ද්‍රසිරි)
හෝටන්තැන්න වනෝද්‍යානයේ ලෝකාන්තය ප්‍රදේශයේදී බඹරු ඇනීමෙන් අද(20) විදේශීය සංචාරකයන් දෙදෙනෙකු සහ මඟ පෙන්වන්නන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
මෙම සංචාරකයන් හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණ සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබේ.
හදිසි ගිලන් රථ සේවාව මගින් ඔවුන් නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න මහතා පැවැසීය.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොමැති නමුත්, විදේශීය සංචාරකයන් දෙදෙනා කම්පනයට පත්ව සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹර ප්‍රහාරයකදී නොසෙල්වී සිටින්න. මෙය බඹරුන් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද්දකි.
ඔව්, කරන්න ටිකක් නොවේ, ගොඩක් ම අමාරු උනත් මේ වගේ වෙලාවට කරන්න ඕන නොසෙල්වී බිම ඇන තියාගෙන , බමරුන්ට "තුවාල " සිදු නොවන ආකාරයට සිටීමයි , මේක කරන්න හිත හදාගන්න අමාරුයි ඔය වගේ වෙලාවක හිතෙන්නේ පන එපා කියලා දුවන්න !