(ප්‍රසන්න පත්මසිරි)
බිබිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය සඳහා වසර 10ට පෙර ගෙනා වෛද්‍ය උපකරණ ගබඩාවක ගොඩ ගසා තිබීම පිළිබඳව ලංකාදීප වෙබ් අඩවියෙන් තොරතුරු අනාවරණය කිරීමෙන් පසු රාජ්‍ය ඇමති විජිත බේරුගොඩ මහතා අද(20) රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා රෝහලට පැමිණි ඇමති විජිත බේරුගොඩ මහතා මෙසේ ද පැවසීය.
“බිබිල මූලික රෝහලට 2010 වසරේදි ගෙනා දැඩි සත්කාර ඒකකය සඳහා අවශ්‍ය සියලුම උපකරණ තවමත් ප්‍රයෝජනයකට නොගෙන තිබෙන බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබෙනු අප දුටුවා.මේ උපකරණ ප්‍රයෝජනයට නොගෙන ඇත්තේ වෛද්‍යවරුන්ගේ හිඟය නිසා වෙන්න ඇති. කෙසේවෙතත් පසුගිය ආණ්ඩුවෙන් මේ රෝහල ගැන බලලා නෑ. අඩුපාඩු රැසක් තිබෙන බව මට පෙනුනා.
මම සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කතා කළා. ඇය ජනවාරි 31ට කලින් රෝහලේ සිටින වෛද්‍යවරුන් හා සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ජාවක් පවත්වා රෝහලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරන බව පැවසුවා” යැයි විජිත බේරුගොඩ මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇගයීමට ලක් කල යුතු දෙය ඇගයීය යුතුය.
උපකරණ 2010 ගෙනාවා නම් 2015 වෙනකම් බලන් උන්නේ අහවල් දේකටද?
මේකයි ඇත්ත කතාව... මම රෝහලේ දැනට අවුරුදු කිහිපයකට කලින් සේවය කළා. පසුව ඉවත් වී පෞද්ගලික රෝහලකට ගියා. ඔය රෝහල ඇතුලේ හරියට ජරාවැඩ වෙනවා. ලොකු දොස්තර මහත්වරුන් පොඩි දොස්තර නෝනලාට එ්කේ කරදර කරන්න හදනවා. බොරු නම් ඔතන සේවය කරපු අයගෙන් අසා දැනගන්න.
මේ රෝහලේ වැඩ වෙන විදිහ බේරුගොඩ මහත්තයා හොඳින් දන්නවා ඇති.. දසනායක ඩොක්ටර් ගැන මහත්තයා හොඳට දන්නවනේ.
ප්‍රසිද්ධියට ගන්න තවත් නරි නාටකයකි.
මේවා මිනිස්සු රවට්ටන්න කරන මහා විකාර. ඉස්පිරිතාලේ වැඩකරන අය දන්නවා ඇත්ත තත්වය. පහුගිය දවස්වල හරියට වතුරවත් තිබ්බේ නැ. දැන්වත් ඉස්පිරිතාලේ හොදට හදලා ගමට සෙතක් වෙනවනම් ලොකුදෙයක්.
2010 තිබුණු ආණ්ඩුව වැඩේ කලා නම් පහුගිය ආණ්ඩුවට කරන්න දෙයක් ඉතුරුවෙයිද. දේශපාලුවෝ තැනකට ආවම මොනවහරි බොරු ටිකක් කියල යනවා. අපි රැවටෙනවා.