මුස්ලිම් කාන්තා ඡායාරූප සහිත දුරකථන 2ක් සොයාගනී
පාස්කු ඉරිදා ත්රස්ත්ර ප්රහාරය එල්ලකළ සහරාන්ගේ බිරිඳ දුරකතන දෙකක් කඩා විසිකර දැමූ බව කියන ස්ථානයට කිලෝමීටර් තුනක පමණ දුරකින් දිවුලපිටිය මීරිගම මාර්ගයේ පොත්තෙවෙල ප්රදේශයේ බෝක්කුවක් අසළ සැකකටයුතු පාර්සලයක තිබී මුස්ලිම් කාන්තාවන්ගේ ඡායාරූප ඇතුළත් නවීන ජංගම දුරකථන 2ක් අද(10) සොයාගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.