( ජයන්ත සමරකෝන් )
සංචාරක වීසා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ ගණිකා වෘත්තියේ යෙදී සිටි උස්බෙකිස්ථානු ජාතික තරුණ කාන්තාවන් පස් දෙනකු කොල්ලුපිටියේ සහ වැල්ලවත්තේදී හෝටල් දෙකකදී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මොවුහු සියලු දෙනා වයස අවුරුදු 25 - 35 අතර පසුවන්නෝ බව කියති.
වරින්වර සංචාරක වීසා මත පැමිණිමෙන් ජාවාරමක් ලෙස මොවුන් මෙය පවත්වාගෙන ඇත.
ලැබුණු විශේෂ තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සිදු කර මොවුන් අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නීරීක්ෂණ බුද්ධි ඒකකය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් කියන්නේ අපේ රටේ ගණිකා වෘත්තිය මේ තියෙන විදිය හොඳයි. කැමති අය හොරෙන් හොරෙන් යනවා, අවදානම ගන්නවා, අත්අඩංගුවට පත්වෙනවා, ලෙඩ හදා ගන්නවා ආදී වශයෙන්..
හොඳ වැඩේ............
නීති ටික ටිකක් තද කරානම් ඔය එන තායි, චීන, පිලිපීන්, උස්බෙකිස්තාන්, වියට්නාම්, විසිට් වීසා ගණිකා ජාවාරම අඩු වෙනවා.
ඒ ළමයින්ව ගෙන්නුවෙත් රන්ජන් රාමනායක් කියලා කියන්නත් බැරි නැහැ!