(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
පැල්මඩුල්ල අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකුගෙන් රුපියල් 50000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට තැත්කළ පැල්මඩුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සැරයන්වරයෙකු පෙබරවාරි 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (21) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයාහමුවට ඉදිරිපත් කළහ.
නඩුවකට අදාල පැමිණිල්ලක මුල් පිටපත් සහ සාක්ෂි සමිපීඩන වාර්තාවක් ලබා දීම සඳහා මෙම සැරයන්වරයා පුද්ගලයකුගෙන් පැල්මඩුල්ල අධිකරණය ඉදිරිපිටදී එම අල්ලස් මුදල් ලබා ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය පෙළ සමත් පොලිසියේ අයගේ පඩිය 65000 ට වැඩි නමුත් කරන දෙයක්නම් නැහැ.
සැරයන් විතරද? අල්ලස් ගත් පොලිස් ලොක්කොත් ඉන්නේ.......