(මහින්ද නිශ්ශංක)
ගුවන් මගියකු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන එන ලද රුපියල් කෝටි පහකට වැඩි වටිනාකමකින් යුත් රන් අබරණ හා රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළින් පිට කිරිමට තැත්කළ තිදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් පිරිස අතර 16 හැවිරිදි අයෙක් ද වෙයි.
කිලෝ 5 ½ කට වැඩි මෙම රන් ආභරණ තොගයට මාල, වළලු, මුදු කරාබු අයත් වෙතැයි පවසන මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර පරීක්ෂණ සඳහා රන් ආභරණ රන් බිස්කට් තොගය සහ සැකකරුවන් රේගුවට බාරදී තිබේ.
ඡායාරූප - ටී.කේ.ජී. කපිල




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd