( +++ මුදිතා දයානන්ද)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතුවෙන් රුපියල් ලක්ෂ 20,050 ක් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව හිටපු විෂයභාර ඇමතිවරයා විසින් වියදම් කර ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (21) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතුවෙන් ලක්ෂ දාහක් දෙසැම්බර් මාසයේ වැටුප් ගෙවීම සඳහා ලබාගෙන ඇති බවද, පසුගිය වසර එකහමාරක් තුළ විෂය භාර ඇමතිවරයා ලක්ෂ 20,050ක් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව වියදම් කර ඇති බවද ඔහු පැවසීය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම ලක්ෂ 4580ක් බවද වැටුප් ගෙවීම, ආයතන නඩත්තුව ඇතුළු අනෙකුත් කටයුතු සඳහා තවත් ලක්ෂ දාසයදාහක් ගෙවීමට ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගිණුමට විදෙස් ආධාර පවා බැරවන බවද, ඒවා මෙලෙස කිසිදු වගවිභාගයකින් තොරව වියදම් කිරීමෙන් ඒ රටවල්වලට පවා උත්තර දීමට නොහැකි අර්බුදයකට රජය පත්වන බවද ඔහු පැවසීය.
එනිසා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මේ... මෙහෙමත් විනාශයක්. දැන් ඉතින් දීපල්ලකෝ උත්තර........
මිනිසුන්ට අධික බදු පනවලා හිතු හිතු විදිහට වියදම් කරනවා. මේවා නැවත ගන්න බැහැ. ඉන්න අයත් ගන්න දගලනවා ඇති. ජේ.වී.පී එකටත් පෙනුන නැති එකනේ පුදුමේ.
අනේ මෙයා විතරද ? අනිත් අය දේව දුතයෝද ? මෙයාගේ වැරැද්ද හොයන්න කමිටුවක් පත් කරනවා කියන්නේ ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහන වැඩක්. කොහොම උනත් ඒ කමිටුවෙන් උත්තර එන්න අවුරුදු 5ක් යන එක නම් ෂුවර්. අන්තිමේ ඊළග ඇමතිත් තව කුට්ටියක් ගසා කයි ඒ අස්සේ. මොකෝ කවුරු හොයනවා කියලද ? විගණකාධිපති කියලා තනතුරක් එක්ක කණ්ඩායමක් තියෙන්නේ ඒවා හොයන්න. බොරු කමිටු දාන්න දෙයක් නැහැ. වැරැද්ද හොයන එක කොහොම වෙතත් කමිටුවේ අයට තව ගානක් ගෙවන්න වෙනවා.
ජාතික ධනයෙන් 90% වැයවෙලා තියෙන්නෙ හොරුන්ටයි හොරා කාපුව හොයන්න පත්කරන කමිටු වලටයි. නිකමට බැලුවොත් 2000-2020 දක්වා පත්කර අති කමිටු ගනන ඒවට වියදම් වූ මුදල හා ලැබුන ප්‍රතිපල 0.00000001 යි . ඕකයි යතාර්තය
මේ කතාකරන්නේ සුදු කලිසමයි සුදු ෂර්ට් එකයි අදින හොද කශේරුකාවක් තියෙනවා කියපු කෙනා ගැන නේද ? හැසිරෙන්නේ නිකන් සුද්දවන්තයෝ විදියටනේ. අනික ඔය කියන අමාත්‍යාංශයට බඳවා ගත්ත අතිරික්ත සේවකයන් 1250 ක් විතර වූ මහා සෙනගට දැන් මොකද වෙන්නේ? මේ සියලුම දෙනා නිසි ක්‍රියා පටිපාටියකින් තොරව ගත්ත අදාළ ඇමතිවරයාට කඩේ ගිය කට්ටිය නේද ? මහජන මුදල් අවභාවිත කර ඇත්තේ තමන්ගේ බුදලේ වගේනේ.
මේකෙන්ම පේනවා රජයේ මුදල් එක එක්කෙනාට ඕන ඕන විදියට වියදම් කරන්න පුළුවන් යුගයක් තමයි දැන් තිබෙන්නේ කියලා.
පසුගිය කාලයේ හරියට පන්සල්වල ගොඩනැගිලි තැනුවා නේද ඔය මුදල්වලින් දහම් පාසල් ගොඩනැගිලි නැති පන්සල්වලට දහම් පාසල් ගොඩනැගිලි ඇතුළුව. අපි බලමු විගණන වාර්තාව එලිදැක්වුවට පසු.
ඕක අලුත් නිවුස් එකක් නොවෙයි. ඒ කාලෙම වැඩේ දන්නවා. එයා කිය කිය ගත්තේ මේ සල්ලි වලින් වැඩක් ගන්නවා කියලා. වැඩේ ගත්තා. දැන් එයාට විරුද්ධව වහාම නීතිමය ක්‍රියා මාර්ග ගන්න.
අනේද කියන්නේ? පවුල් පිටින් එකතු වෙලා කරපු හරිය මෙයාට මතක නැතුවා.
මෙතන කලින්ම ඇඟිලි දික් වෙන්නේ සජිත්ටයි. වැරදි මාර්ගයෙන් ඔහොම වියදම් කළා නම්, දඬුවම් දියයුතුයි. නමුත් මහ බැංකු හොරුන් තාම නිදැල්ලේ. ඇයි ඔවුන්ව පිළිබඳව කිසිම පියවරක්ම නැහැ? ආණ්ඩුවට සජිත් අභියෝගයක් නිසාද?
මට මුගෑහුවා මම මුටගැහුවා