(ටී.කේ.ජී.කපිල)
චීනය පුරා මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියලුම ගුවන් මගීන්ගේ සිරුරුවල උෂ්ණත්වය මැන, වාර්තා කිරීමට විශේෂ ස්වයංක්‍රීය යන්ත්‍ර 3ක් ද පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කර තිබේ.
මෙමගින් කිසියම් රෝගී ගුවන් මගියකු, ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත වාර්තා වුවහොත්, ඔවුන් වහාම කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .
දිනපතා චීනයේ බීජිං, ග්වැන්ෂෝ සහ චෙංඩු යන ජාත්‍යන්තර ගුවන් තොටුපළවල සිට ගුවන් මගීන් 1,000 ක් පමණ රැගෙන ගුවන් යානා 4 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙයි.
මීට අමතරව ජපානය, තායිලන්තය වැනි රටවල් ගණනාවක ද මේ හා සමාන වෛරස රෝගීන් වාර්තා වී ඇත. එම රටවල සිට ද තවත් ගුවන් යානා රාශියක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිම සිදු කරයි .
මේ තත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය , දේශීය වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය , ගුවන් සේවා අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ගුවන් තොටුපළ බලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡා දෙකක් ද ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී පැවැත්විණි.
තද උණ සහ ශ්වසන අපහසුතා මෙම කොරෝනා වෛරස රෝගයේ මූලික ලක්ෂණ බව අනාවරණය වී තිබේ .
ඒ අනුව මෙම රෝග ලක්ෂණ පහළ කරන ගුවන් මගීන් තම ගුවන් යානා වලින් පැමිණෙන්නේ නම්, ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත වාර්තා කළ යුතු බවට , එම යානාවල ගුවන් නියමුවන් දැනුවත් කර තිබේ .
ඊට අමතරව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ද , මෙවැනි රෝග ලක්ෂණ තිබෙන ගුවන් මගීන් ශ්‍රී ලංකාව තුළට තම කවුළු ඔස්සේ පැමිණෙන්නේ නම් , ඒ බව ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත දැනුම් දීමට අවශ්‍ය පියවර ගෙන තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ විතරක් නොවෙයි තමන් යන ගුවන් යානාවල චීන්නුන් යනවානම් අනෙකුත් ජාතින් ඒ යානාවලින් වෙනත් යානාවලට මාරු කළ යුතුයි. ගුවන් යානය තුළදී මේ රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට වැළඳිය හැකිය.
අපේ රටේ බොරු සෝබන වැඩනම් පෙන්වනවා ලෝකයට ,මේ මැෂිමට ලෙඩාව අල්ලන්න පුළුවන් නම් දොස්තරලා කුමටද . ගුවන් යානයට නගිනකොට නිරෝගී පුද්ගලයා ලෙඩෙක් ලග ඉදගෙන ඇවිත් දවස් දෙක තුනකට පසු රෝගලක්ෂණ පිටවෙන්නේ , ලංකාවෙන් චීනයට යන්නේ වැඩි දෙනෙක් වෙලදාම් පිණිස මේ කට්ටිය දැනුවත් කරන්න. ඇතුල් වෙන තැන ,පිටවෙන තැන චන්ද කාලෙට හොරුන්ගේ දැන්වීම් හැමතැනම ඒ වගේ මෙම භයානක රෝගයත් දැනුම් දෙන්න. ඒ වගේ , මැෂිමට රෝගියෙක් අල්ලන්න යොදන කාලය මහන්සිය හොරෙක් අල්ලන්න යොදවන්න