රාජකීය භූමිකාවෙන් ඉවත් වූ හැරී-මේගන් යුවල කැනඩාවේ ගතකරන නිදහස් ජීවිතයට අදාළව ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බව ඔවුන්ගේ නව අසල්වැසියෝ පවසති.
හැරී-මේගන් යුවල රජ පවුලෙන් ඉවත් වීමට ඉකුත් දා තීරණය කළ අතර එම තීරණය රජ මාලිගය කැලඹීය.
ඒත් සමඟ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින හදිසි රැස්වීමක් කැඳවූ අතර හැරී කුමරුන්ගේ පියා වන චාල්ස් කුමරු, හැරී කුමරුන්ගේ සහෝදරයා වන විලියම් කුමරු ඇතුළු රජ පවුලේ ජ්‍යෙෂ්ඨයෝ කිහිපදෙනෙක් ඊට එක්වූහ. එම සාකච්ඡාවෙන් පසු රාජකීය වගකීම් අඩු කර වැඩි කාලයක් නිදහසේ ගත කිරීමට හැරී-මේගන් යුවල ගත් තීරණයට මහ රැජිනගේ අවසරය හිමිවිය.
ඒ අනුව හැරී-මේගන් යුවල තවදුරටත් රජ පවුලේ තවදුරටත් රාජකීය පවුලේ නම්බුනාම සහිත සාමාජිකයන් නොවන බව බකිංහැම් මාලිගය සෙනසුරාදා (18) නිවේදනය කළේය.
එසේ වුවත් චාල්ස් සහ ඩයනා දෙපළගේ බාල පුත් වන හැරීට ‘රාජකීය කුමරු’ යන්නත් හැරී-මේගන් යුවලට සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාම ද භාවිත කළ හැකිය.
හැරී-මේගන් යුවලට මාස 8ක පුතෙක් ද සිටී. ඔහු ආර්චී මවුන්ට්බැට්න්ය. බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන 6 වැනියා හැරී කුමරුන් ය.
හැරී-මේගන් යුවල දැන් ජීවත් වෙන්නේ කැනඩාවේ වැන්කුවර් දූපත්වල උතුරු සානික්හි අසල්වාසීන් සමඟය. එම පරිසරය ගස් කොළන් සහිත සුන්දර පරිසරයකි. කෙසේ නමුත් ඔවුන් ජීවත් වන්නේ දැවැන්ත ගහ කොළවලින් වටවූ මිලියන ගණනක් වටිනා සුඛෝපභෝගී නිවසක ය.
නිවසට යා යුත්තේ පෞද්ගලික පාරකින් වන අතර ඒ මාර්ගය අවසානයේ අඳුරු ලෝහ ගේට්ටුවකි.
රාජකීය භූමිකා අවසන් කර අදාළ ලියකියවිලි ආදී නිල කටයුතු අවසන් කිරීමෙන් පසු හැරී කුමරුද මෙම නිවසට පැමිණ සිටී.
හැරී-මේගන් යුවලට ඔවුන්ගේ නිදහස ලබාදෙන බවත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බවත් ප්‍රදේශවාසීහු කීහ.
ඒ.එෆ්.පී. සහ ඬේලිමේල් ඇසුරිනි
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම වාසනා වන්ත මිනිස්සු. මේ වගේ අපූරු තැනක ජීවත් වෙන්න. මොනවා උනත් මෙයත් ඩයනා වගේම "විප්ලවකාරී " චරිතයක් නැත්නම් මෙහෙම කරාවිද ?
සාලිය කුමරු අවුරුදු දහස් ගණනකට පෙර ඔය දේම කරා. හැබයි ගියේ මිලියන් ගණනක් වටිනා නිවසකට නොවේ. සාලිය කුමරුගේ කැප කිරීම සමග මෙය සංසන්දනය කරන්න බෑ. කොහොම උනත් හැරී, ඔබ ඔබලාගේ තීරණය ගැන පසුතැවිලි වෙන්නේ නැතිවෙයි කියා බලාපොරොත්තු වෙනවා. මෙගන්ගේ කැමැත්තට මෙය සිදුවූවානන් පසුතැවෙන්න වැඩිකල් නොයාවි.
කැනේඩියානුවන්ට, ඇමරිකානුවන්ට පෙළපතක්වත් රකින්න පෞද්ගලිකත්වයක් නැහැ. මේ ආවෙත් ඔබලාගේ මුතුන් මිත්තන් මෙන් උපන් රට අත්හැරපු ජෝඩුවක්ද ?
මීට සති කිහිපයකට කලින් මම හිටියෙ සානිච් වල.. ඉතාම සොඳුරු පරිසරයක් තිබෙන පලාතක්. ප්‍රදේශවාසීන් උනත් පරිසරයට බොහොම ආදරය කරන අය. එම ප්‍රදේශයේ ඉඩම් හරිම මිල අධිකයි. මගේ සේවා ආයතනය හිමිකාරිණියගේ ගෙදර ඉඳන් මේ අයගේ ගෙදරට පයින් යන දුර. ආව අළුතම ගම්බද පාරක මේ අය ඇවිදිද්දි අසල්වාසීන් දැක තිබෙනවා. මගේ ආයතන හිමිකාරිණියගේ බාල දුවට හමුවී තිබෙනවා. කිසිම මාන්නයක් නැතිව බොහොම සරල මිනිස්සු වගේ කථාබහ කරල තියෙනව. කැමතිනම් ෆොටෝ එකක් ගන්න කීවාලු.. එහෙත් ඒ අයගේ නිදහසට බාධාවේවි කියල ඇය ඡායාරූප අරන් නැහැ. මෙහෙ තියෙනවා ගම්බද කුඩා පොලවල්. සුළුවෙන් ගෙදර ඉඳන් කරන ගොවිතැන් , අත්කම් ගෙත්තම් චිත්‍ර වගේ දේවල් අලෙවි කරන ගමේ පොලවල්. මෙයාලා එහෙම එවායෙත් ඇවිදින්න ගිහින්.. ඒත් කැනඩාවේ අය කිසිම කරදරයක් කරල නෑ.. කතා කරන්න, ෆොටෝ ගන්න. අපේ රටේ උනා නම් කොහොමට හිටීවිද ? සරල මිනිස්සු , ජීවිතයේ යථාර්තය කෙමෙන් කෙමෙන් අවබෝධ වෙද්දි , මිනිස්සුන් සරල වෙනවා නිහතමානී වෙනවා. මේ අය ඊට හොඳම උදාහරණයක්...