(ඩයනා උදයංගනී)
ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට වරමක් ලබාදුන්නේ පාස්කු ප‍්‍රහාරයට, මහ බැංකු වංචාවට වගකිවයුත්තන් සොයා දඬුවම්දීමට මිස රන්ජන් රාමනායකගේ කුණුහරප අසන්නට දී ජනතාව බඩගින්නේ තැබීමට නොවේ යැයි එක්සත් ජාතික පක්‍ෂ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
දිනපතා හඬපට අසන්නට දෙමින් ජනතාවගේ ප‍්‍රශ්න යටපත් කිරීම වෙනුවට රන්ජන් රාමනායක මහතාම ඉල්ලා සිටි පරිදි කොමිසමක් පත්කර එම හඬපට ගැන පරීක්‍ෂණයක් කරන්නැයි තමන්ද රජයෙන් ඉල්ලා සිටින බව හේෂා විතානගේ මහතා සඳහන් කළේය.
වත්මන් රජය ණයක්වත් ලබාගත නොහැකි තරම් අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.
මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක නැද්ද බලය දුන්නේ හොරු අල්ලන්න මිසක් හොරු නළවන්න නෙමෙයි කියලා.........
ගෝඨාභය මහතාට ජම්පරේ අන්දන්න කතා කළ මේ අඳ බාලයින් දැන් කතා කරන්නෙ කොහොමද දන්නෑ. ගෝඨාභය මහතා පත්වුණු ගමන් මැජික් පෙන්වන්න බෑනේ. රටම එකම ගොවිපළක්, නිෂ්පාදනාගාරයක් වේවි.
අපි බඩ ගැන හිතලා නෙමේ ගෝඨාභය ජනාධිපති කළේ.....ඔහේලා රට කන එකෙන් බේරගන්නයි කලබල නැතිව ඉමු.....වෙලාවට ඔක්කොම සිද්ධ වෙයි ......
එක නම් සහතික ඇත්ත. අද මිනිස්සුන්ට කන්න නැහැ . මිනිස්සු කුණු බක්කි අවුස්සන තත්වයට පත් වෙලා . කිව්වේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය අල්ලනවා කියලා, බැංකු හොරු අල්ලනවා කියලා. එම්.සී.සී ගිවිසුම නවත්වනවා කිව්වා. දැන් ඒකත් අත්සන් කරාවී වගේ ළගදීම. ඉඩම් විකුණන්නේ නැහැ කිව්වා. මාස දෙකක් වුනේ නැහැ සිංගප්පූරුවට සහ චීනෙට ඉඩම් ලබා දුන්නා. නමුත් රට දවසින් දවස පහළට යනවා.
අනේද කියන්නේ? ඔයාලගේ ආණ්ඩුව තියෙනකොට කාපුවා තාම දිරවගන්න බැරුව ඉන්නේ.
රන්ජන් එක්ක මානසික රෝහලට යන්න ඕනේ. අමු පිස්සෙක්.
බැලුවාම හැම එකෙක්ම විපක්ෂෙට ගිය දවසේ ඉදලම මිනිසුන්ගේ බඩගින්න ගැනමයි කතාව. අනේ මල්ලියේ, මල්ලිලාගේ පට්ටිය බලයේ ඉන්නකොට ඔය කටින් මිනිසුන් බඩගින්නේ ඉන්නවා කියල කිසිදාක කිව්වද මල්ලියේ ??
අලුත් ආණ්ඩුව පත් වුනා විතරයි මේ අය කෑම ගැන කතාකරනවා. පසු ගිය ආණ්ඩුව වැඩකරපු අන්දමේ ප්‍රතිඵල තමයි ජනතාවට අවුරැද්දක් යනතුරු වත් විඳින්න වෙන්නෙ. ඔබේ සජිත් මහත්තයත් මේ වගේමයි. ඕකමයි කියවන්නෙ. ඒ ඔවුන් ගේ නොපැසුන තරම තමයි පෙන්වන්නෙ. හැමදාම පසුගිය ආණ්ඩුවේ ප්‍රතිලත්තිය තමයි ණයවෙලා ඉක්මනට රටින් ගෙන්වලා කොමිස් කුට්ටියකුත් තියාගෙන ජනතාවට කන්න දෙන එක. මේ ප්‍රතිපත්තියෙන් තරමක් දුරටවත් අපි ඈත්විය යුතුයි. අනික ඔබලාට තේරුම් ගන්න බැරිද ගොයම් පැලයක් සිටුවා හාල් ඇටයක් ගන්න මාස තුන හතරක් යන බව. තවම අලුත් ආණ්ඩුවට වයස කීයද? බලයට කෑදරකමින් රට අවුල් කරන කතාමයි කියන්න බලන්නෙ.
දේශපාලන ඇසකින් තොරව රට දිහා බැලිය නොහැකි කිසිවෙකු සමඟ තර්ක කිරීමෙන් ඵලක් නැත. මහ මැතිවරණයේදී බුද්ධිමත් ජනතාව මේ ඇට්ටර දේශපාලන මඩ ගොහොරුව නිමා කර රටට දැයට සමයට ආදරය ඇති වියතුන් පාර්ලිමේන්තුවට යවනවා ඇත. පෙර රජ දවස මෙන් කිසිදු පක්ෂ භේදයකින් තොරව අපේ රට ගොඩනැගෙනු ඇත. පක්ෂ පාට අමුඩයට ගසා අන් අයද කුඔුරට බසිනු ඇත.
එයාද ගෝටාභය රාජපක්ෂ බලයට පත්කලේ? දනිනැති නිසයි අහන්නේ. කවුද කීවේ ගෝටභයට ජම්පරය අනිදවනවා කියලා? මට මතක නෑනේ
මේ ගොල්ල කටින් කතා කිරීමත් අධෝමුඛයෙන් වාතය පිට කිරීමත් ප්‍රගුණ කර ගත යුතුයි.
ඒ අයට ජීවන වියදම වැඩි වී ජනතාව දුප්පත් වීම වාසියක් බව දන්නෝ දනිති. මොකද දුෂිත දේශපාලුවන්ගේ දුර්ගන්ධ නියාය පත්‍රය දුප්පතුන් මාර්ගයෙන් ක්‍රියා කරවීම වඩා ලෙහෙසි නිසාය. දෙගොල්ලටම ජයෙන් ජය! මීට ඔබේ කීකරු වහලා කාසියේ වාසිය.
අපිට නම් කන්න තියෙනවා. අපි බඩගින්නේ නැහැ. අපිට දැන් ආදායමට බදුත් නැහැ.
සමනල සිහින
කව්ද කොරෝටන් දළු ඇඟට ගුණයි කීවේ ඔහෙලගෙ ආණ්ඩුව කාලෙනේ මිනිසුන්න්ට ක්රෝටන් කොළ කන්න උනේ මතක නැද්ද?
තමුන්ගේ රජය කාලේ අවුරුදු 2ක 3 ක වයසේ ළමුන් කන්න නැතිව මරුනේ තමුන්ගේ නායකයාගේ දිස්ත්‍රික්කේ නේ. ඒවා අමතකද ? 2015 දී වී ගුවන්තොටුපොලෙත් ගබඩා කරන්න තරම් තිබුණු දිස්ත්‍රික්කේ තමයි ඔය කියන ළමුන් 2018 දී 2019 දී මරුනේ.
මෙයාලගේ හැටි දොඩව දොඩවා ඉන්න එක තමා.
අනේ මේ බබලා නලවන්න නෙමෙයි මිනිස්සු ඡන්දෙ දුන්නේ, පාස්කු බෝම්බ ගහන දවස් වල හිටපු, කරපු දේවල් අමතක වෙලාද අද .
හේෂලා කලේ රට පවා දී හොරකම් කරමින් කුමන්ත්‍රණ කරමින් අන්තවාදය වපුරමින් ත්‍රස්තවාදයට උදව් කරමින් මහා බැංකු මංකොල්ල කමින් රටේ සංස්කෘතියට බුදු දහමට පහර ගසමින් බොරු කියමින් මඩ ප්‍රචාර කිරීම මිසක් රටට ජනතාවට කලේ කුමක්ද?
රාජිතට කිව්වා නම් රැවුලක් දාගන්න තිබුණා.
හේෂත් එහෙනම් කියනවා රන්ජන් නුසුදුසු කෙනෙක් කියලා. එහෙනම් අර ඒ දවස්වල කියපු ජම්පරේ අරන් ඔයාම රන්ජන්ට අන්දන්නකෝ...