(රංජන් කස්තුරි)
රට පුරා මහජන සාමය පවත්වාගෙන යාමේ බලතල තවත් මාසයක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ත්‍රිවිධ හමුදාව යටතට පත්කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යටතට රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම සහ ඒ ඒ දිස්ත්‍රික්කවලට අයත් යාබද දේශීය ජල තීරයන් පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(21) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉකුත් දෙසැම්බර් මාසයේ ජනාධිපතිවරයා රට පුරා මහජන සාමය පවත්වාගෙන යෑමේ බලතල ත්‍රිවිධ හමුදාව පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් තිබිය යුතු දෙයක් ..
ත්‍රිවිධ හමුදාව සිටින තැන ආරක්ෂාව ඉතා තහවුරු ය. මෙය සිදුවිය යුත්තකි.
මහජන සාමය පවත්වාගෙන යාමට නම් හැමදාටම බලය දෙන්නකෝ.. අපිට කිසිම ප්රශ්නයක් නැහැ.
ඇත්තටම හොඳයි...