(රංජන් කස්තුරි)
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන ‘‘දුම්රිය නිලැඳුම් සේවා අර්ථසාධක අරමුදල්‘‘ කාර්යාලයේ ලිපිකරුවන් අතිකාල වංචාවක නිරත වන බවට එහි පාලක කමිටුව චෝදනා කරයි.
ඇතැම් ලිපිකරුවන් අතිකාල සීමාකිරීමට විරෝධය දැක්වීමක් ලෙස මේ වන විට ඔවුන් සමාජිකයින්ගේ කටයුතු හිතාමතා පමාකරන බවද ඔවුහු කියති.
මේ අතර දුම්රිය සමාන්‍යාධිකාරීවරයා එම ලිපිකරුවන්ගේ අතිකාල සීමාකරමින් හා තවත් උපදෙස් ලබාදෙමින් ඉකුත් දා චක්‍රලේඛනයක්ද නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තවත් පාඩු ලබන හොරුන් ගේ ගහනය වැඩි තවත් ප්‍රධානම රාජ්‍ය ආයතනයක්
ඇත්තටම මම සිතුවේ කවුරුත් කැමති රජයට පත්කර ගත්තට පස්සේ සෑම කෙනාම රජයට සහය දැක්වීමක් වශයෙන් අවංකව තම රාජකාරිය කරාවී කියලා. අඩු ගානේ ටික කාලයක්වත් රජයට සහය දුන්නොත් හොඳ නැද්ද?
ඕක ප්‍රයිවට් කලා නම් ඉවරයි නේ. හොද සේවයක් ගන්න තිබ්බා. ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කලා වගේ කරන්න තියෙන්නෙ
එතකොට පාලකයෝ කියන්නේ සේවකයන්ගේ අත යට ඉන්න කට්ටියක්ද ?මේ මොන විහිළුවක්ද ? සේවකයන් පරිපාලනය බැරි පාලකයෝ මොකටද ? මේකෙන් පෙනෙන්නේ මේ ආයතනය කොච්චර දුරට දේශපාලනීකරණය වෙලාද කියන එකයි.සේවකයන්ගේ දේශපාලන හයිය නිසා පාලකයෝ බයයි සද්දයක් දාල වැඩ ගන්න. අනේ මේක පෞද්ගලිකරණය කළානම් මෙලහකට කොහොම සේවයක් තියෙන්න තිබුනද ?
ඔය අසාධාරන සල්ලි වලින් තමන්ගේ පවුල්වලට කන්ද දෙන්න ලැජ්ජා නැද්ද? මොවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුයි.
අනේ ජනාදිපතිතුමනි මේකත් පුද්ගලික කර හොද සේවාවක් ලබාදෙන්න කාර්යාල දුම්රියන් හැමදාම ප්රමදවෙනවා වැඩකරන්න තියෙන වෙලාව කාබාසිනියා කරන්නේ මේ අය
හරියට වැඩක් කරන්න බැරි අය කොහොමද අතිකාල වැඩ කරන්නේ ? නිකම් කාලේ කකා පිනට පඩි ගන්න හදනවා.