(විනීතා එම් ගමගේ)
වතු කම්කරු වැටුප පොරොන්දු වූ පරිදි රුපියල් දහස දක්වා වැඩි කිරීම මාර්තු 1 වැනිදා සිදු නොකළ හොත් එදින සිට වෘත්තීය ක‍්‍රියාමාර්ග අරඹන බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමය පවසයි.
එසේ වැටුප වැඩි කිරීමට අපොහොසත් වුවහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමටත්, ඉදිරි මහ මැතිවරණය වර්ජනය කරන අතර විදුලි බිලගෙවීමෙන් වැළකීමට හා හාම්පුතුන්ගේ බංගලාවල සේවය කිරීමෙන් බැහැර වීමටත් මේ වනවිට වතු කම්කරුවන් තීරණය කර ඇතැයි පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද (20) පැවසීය.
වතු කම්කරු වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩිකරන බවට පසුගිය තෛපොංගල් දා ජනාධිපතිවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ කැබිනට් ප‍්‍රකාශකයන් විසින් කළ ප‍්‍රකාශය පිළිබඳව මේ වනවිට සැක සංකා මතුවන අන්දමේ සිද්ධීන් සිදුවෙමින් පවතිතැයි ද ගාල්ලගේ මහතා කියා සිටියේය.
කැබිනට් ප‍්‍රකාශක බන්දුල ගුණවර්ධන සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ සභාපති කණිෂ්ක වීරසිංහ යන මහත්වරුන් විසින් කර ඇති ප‍්‍රකාශ හේතුවෙන් මෙසේ වතු කම්කරුවන්ගේ බලාපොරොත්තු පිළිබඳ සැකය හා කනස්සල්ලක් මතුව පවතින්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
තේ කම්හල්කරුවන් සහ තේ ගොවියන් සනසන බවට ප‍්‍රකාශ කරන වැවිලි කර්මාන්ත ඇමැතිවරයා මෙම ගැටලූවේ දී උගුරට හොරා බෙහෙත් කන්නට සැරසෙන බවට චෝදනා කළ ඒ මහතා ප‍්‍රධාන වෘත්තිය සමිති හාම්පුතුන් ගේ ඉල්ලීම මත නිහඬව සිටීම සෝචනීය තත්ත්වයකැයි ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ආර්ථික ඔස්තාර් කෙනෙක් කිව්වනේ රු.2500කින් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියලා. අවුලක් නැහැනේ..?
ඔයාලට විහිළු තේරෙන්නේ නැද්ද?
ඔය බන්දුල ගුණවර්ධන කියන දේවල් ගැන කිසිම විශ්වාසයක් නෑ
අයියෝ නන්දසේන ? ඔයා ට, කලින් පොඩ්ඩක් හිතන්න තිබුනා.