කුමන වනය මැදින් 20,000කට ආසන්න පිරිසක් කතරගමට
කතරගම බලා පාගමනින් එන හින්දු බැතිමතුන් අද (04) සවස 3.00 පමණ වනවිට 20,000ක පමණ ප්‍රමාණයක් කතරගම බලා ගමන් කිරීමට කුමන ජාතික උද්‍යානය හරහා ඇතුළු වී ඇති බව කුමන සහ යාල ජාතික උද්‍යාන භාරකරුවන් වන සිසිර කුමාර රත්නායක සහ ඞී.පී. සියාසිංහ මහත්වරු පැවැසූහ.