( නාලක සංජීව දහනායක)
තාක්‍ෂණික ක‍්‍රමවේදයන්ට හා පරිසර නියමනයන්ට අනුව නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (17) බලධාරීන්ට උපදෙස් දුන්නේය.
නොරොච්චෝලේ විදුලි බලාගාරය නිරීක්‍ෂණය කිරීමට විදුලිබල අමාත්‍යවරයා, ඉංජිනේරුවන් ඇතුළු කණ්ඩායමක් යොමුකරන බව කී ජනාධිපතිවරයා තමන්ද හැකි ඉක්මනින් එහි පැමිණ ආගමික නායකයන් හා ප‍්‍රදේශයේ ජනතාව සමඟ මෙම ව්‍යාපෘතිය පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කරන බවද කීය.
අගරදරගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ හා හලාවත රදගුරු හිමියෝ සහ ප‍්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමග අද (17) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡුාවකදී ජනාධිපතිවරයා සදහන් කර සිටියේ රටේ වේගවත් සංවර්ධනයට බලශක්තිය තීරණාත්මක සාධකයක් බව කී ජනාධිපතිවරයා කඩිනමින් විකල්ප බලශක්තිවලට යොමුවීමේ වැදගත්කමද අවධාරණය කළේය.
විකල්ප බලශක්තිය අවම වියදමකින් උත්පාදනය කළ බව කී ජනාධිපතිවරයා පරිසරයට හා ජනතාවට හානියක් සිදුවෙනාවන ආකාරයට ඒවා සිදුකළ යුතු බවද කීය.
සංවර්ධන ක‍්‍රියාදාමයේදී දූෂණය හා වංචාව පිටුදැකීම සදහා විශාල අරගලයක නිරතවීමට සිදුව තිබෙන බව මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. විදෙස් ආයෝජන අනුව සිදුකළ ව්‍යාපෘතිවලදී පසුගිය කාලයේදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් උන්වහන්සේ එහිදී කණගාටුව පළ කළහ.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දැනට ක‍්‍රියාත්මක අදියර තුනෙන් මෙගාවොට් 900ක විදුලියක් උත්පාදනය කරනු ලබයි. එහි සිව්වැනි අදියර පිළිබදව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැත.
වසර 2030 වනවිට රටේ සමස්ත බලශක්තියෙන් සියයට අසූවක ප‍්‍රමාණයක් පුනර්ජනනීය මූලාශ‍්‍රවලින් උත්පාදනය කිරීමට අවශ්‍ය පසුවිපරම අඛණ්ඩව සිදුකරන ලෙසට ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර දූෂණය නවත්වන්න ඕනේ නම් විදුලිබලාගාරය වස දමන්න වෙනවා. කැලිෆෝර්නියාවේ ගල්අඟුරු දවන එක තාප විදුලිබලගාරයක්වත් නැති බව කියන්න ඕනේ. මේ ප්‍රාන්තයේ සෑම විදුලිබලාගාරයක්ම ක්‍රියාකරන්නේ පොළොවෙන් ගන්න ගෑස්වලින්. මේ ගෑස් වර්ගය පිසින ගෑස් නොවේ.
හොඳින් බලන්න. දැන් පේනවද මැල්කම් රංජිත් පියතුමා එදා ඉඳලා හිටියේ කොතැනද කියන එක? මේ කතා කරන්නේ පරිසරය ගැන වුණාට ටොපි කොලේ ඇතුලේ ඔතලා තියෙන්නේ ටොෆි තමයි.
ඔබ නිරූපනය කරන ආගමේ එන්.ජී.ඕ. වලින් සිදුකරන හානි ගැන පළමුව සොයා බැලුවොත් හොඳ නොවේද?
මුළු රටටම මේ ප්රශ්නය හැම මොහොතේම බලපානවා. හදන්න හදන්න එකම ප්රශ්නය නැවත මතුවෙන්නේ නයකයින්ගේ ඉංජිනේරුවන්ගේ කුමක් හෝ නොදනිමකින් ඒක තේරුම් ගන්න අපොහොසත් වීමයි. හැමදේම පිටරටින් ගෙන්වන්නේ. ජනතාවට. අවශ්‍ය දේ අැයි පිටරටින් බුද්ධිමත් ඉංජිනේරුවරයෙක් ගේ සහය නොපතන්නේ.. මේ දේ කෙරුවොත් රටට මදිකම් වෙන නිසාද? මෙවැනි දේවලට එහෙම වුණොත් හැමදාම අන්ධකාරයේ ඉන්න වෙන්නේ. ඡන්දෙට පිටරට නළුනිළියන් ගේන්න පුළුවන් නම් අැයි ජනතාවගේ මුදලින් කරන්නේ?
බමුණෝ, ගල් අඟුරු ඇති රටවලට එය ලාබයි. ඔබට රිදී ඇත්තේ ඔබගේ මහරජා කළ අනුවණ දේ ගැන ලිවීමෙන් නේද ? හැමදාම මා ලියන ලෙස සත්‍යය දකින්න.