ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් සුබපැතුම් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමටත්, සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමටත්, ස්ථාවර හා සාමකාමී අනාගතයක් තහවුරු කිරීම උදෙසාත් එක්ව කටයුතු කරමු යැයි මෙරට 71 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සඳහන් කරයි. 04 February 2019
ඉරාක නවකතාකරුවෙක් ඝාතනයට ලක් වෙයි ඉරාකයේ කීර්තිමත් නවකතාකරුවෙක් වන ඇලා මැෂොබ් මහතා වෙඩිතබා ඝාතනය කර ඇත. 04 February 2019
ස්ලෝවැකියානුවන් සිටි ළැගුම්හලෙන් තවත් සත්ව කොටස් සොයා ගනී ලෝක උරුම සිංහරාජ වනාන්තරයෙන් කෘමීන්, සමනලයන් සහ ශාක වර්ග සහ ශාක බීජ රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත් ස්ලෝවැකියානුවන් පස්දෙනා නැවතී සිටි ලැගුම්හලේ තිබී තවත් කෘමි සහ සමනල වර්ගවල කොටස් කිහිපයක් සොයා ගත් බව වනසංරක්ෂණ නිලධාරීහූ කියති. 04 February 2019
දියණිය ඝාතනය කළැයි පාපොච්චාරණය කළ මව අත්අඩංගුවට සිය දියණිය ඝාතනය කර කලා ඔයට විසි කළ බවට පාපොච්චාරණය කළ පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේ මව අද (04) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 04 February 2019
නිදහස් දා යාපන සරසවියේ කළු කොඩි එසවෙයි ජාතික නිදහස් දිනය යෙදී තිබු අද (4) යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් කළු නිදහස් දිනය යන තේමාව යටතේ විශ්ව විද්‍යාලය තුළ ජාතික ධජය වෙනුවෙට කළු කොඩි ඔසවා තිබේ. 04 February 2019
වරාය නාවික ජාතික ප්‍රතිපත්ති මසක් ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා වරාය සහ නාවික ජාතික ප්‍රතිපත්තිය මසක් ඇතුළත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය. 04 February 2019
ජාතික ආණ්ඩු අදහසට විරුද්ධ බව ජනපති කියයි යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තමන් තරයේ විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(04) ප්‍රකාශ කළේය. 04 February 2019
රුහුණු කුමාරි දුම්රියේ හැපී අයෙක් මරුට මරදාන දක්වා ධාවනය වන රුහුණු කුමාරී දුම්රියේ ගැටී අද (04) පුද්ගලයෙක් මිය ගොස් ඇත. 04 February 2019
අත්‍යවශ්‍ය ඖෂධ ගන්න භාණ්ඩාගාරයෙන් කෝටි 100ක් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළුව අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරය රුපියල් කෝටි සියයක මුදලක් වෙන් කර ඇත. 03 February 2019
තෙල් කෝච්චියක් පීලි පැනීමෙන් උඩරට දුම්රිය ගමන්වලට බාධා කොටගල දුම්රිය ස්ථානයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (03) සවස පීළී පැනීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. 03 February 2019
වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ විමර්ශන කොට උඩ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ හා නිලධාරිනියකගේ වෘත්තීය හැසිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එහි පාලක මණ්ඩලයට නියෝග කර මාස හතකට වඩා ඉක්ම ගොස් ඇතත් එවැනි විමර්ශනයක් සිදුව නැතැයි එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 03 February 2019
බුදු දහමට නිගාකළවුන්ට දඬුවම් දෙන්නැයි ඉස්ලාම් උගතුන්ගේ සංවිධානය ඉල්ලයි ඉකුත් කාලයේ බුදු දහමට නිගා වන අයුරින් ක්‍රියා කළ පුද්ගලයින් නීතීය ඉදිරියට ගෙනවිත් දඩුවම් දිය යිතු යැයි සමස්ත ලංකා ජමිඉයිතුල් උලමා හෙවත් ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 03 February 2019
ඇල්ල ප්‍රා. සභාපතිගේ පහරදීමෙන් නිලධාරියකු රෝහලේ ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිවරයාට බැණ තර්ජනය කර පහරදී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි. 03 February 2019
නිදහස් දා සිරකරුවන් 545 දෙනෙකුට නිදහස 71 වැනි නිදහස් දින නිමිත්තෙන් හෙට (4) සිරකරුවන් 545 දෙනෙක් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 03 February 2019
ගාලුමුවදොර පාර හෙට වැසේ 71 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ගාලූමුවදොර දී පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවය වෙනුවෙන් හෙට (4) අලූයම 5.00 සිට උත්සව අවසන් වන තෙක් කොල්ලුපිටිය හංදියේ සිට ලෝටස් වටරවුම දක්වා මාර්ග සම්පුර්ණයෙන්ම වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 03 February 2019
‘වතු සේවක වැටුප වැඩිකිරීමට පියවර නොගන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවා’ වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට පියවර නොගන්නේ නම් අනිද්දා (5) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු නැවතත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබෙන බව ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සම්මේලනය පවසයි. 03 February 2019
ආණ්ඩුවට එකතුවන්නැයි අගමැතිගෙන් ඇරයුම් එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබේ. 03 February 2019
‘ගූගල් ප්ලස්‘ අප්‍රේල් මස 2 වැනිදා සිට නවත්වයි ගූගල් ප්ලස් සමාජ මාධ්‍ය සේවය එළඹෙන අප්‍රේල් මස 2 වැනිදා සිට නතර කිරීමට තීරණය කර ඇත. 03 February 2019
මහින්ද අමරවීර නිදහස් උත්සවයට යන්නේ නැතිලු කුඩා දරුවෙක් මේ වන විට රුපියල් ලක්ෂ හතරකට වඩා ණයකාරයෙක් කර ඇතැයිද රටේ ජනතාවට නිදහසක් නොමැතිවීම නිසා මෙවර නිදහස් දින උත්සවයට සහභාගී නොවන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය මහලේකම් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි. 03 February 2019
ඌව පළාතේ දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය වහා අහෝසි කරන්නැයි ලංකා ගුරු සේවා සංගමය ඉල්ලයි 13 ව්‍යවස්ථා සංශෝධනයට පටහැනි ආකාරයෙන් දෙමළ පාසල් සඳහා වෙනම අමාත්යංලශයක් පිහිටුවීමෙන් ගුරුවරුන් හා සිසුන් අතර ජාතිවාදය පැතිරී රට විනාශයට පත්වීමේ අවධානමක් ඇති වී තිබෙන බවත් ඌව පළාතේ පමණක් පිහිටුවා ඇති දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය වහා අහෝසි කළ යුතු බවත් ලංකා ගුරු සේවා සංගමයේ මහ ලේකම් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරයි. 03 February 2019
රේගු වෘත්තිය සමිති හෙට රැස් වෙති රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධව ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීම සඳහා රේගු වෘත්තීය සමිති සන්ධානය අද (4) රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා පැවසීය. 03 February 2019
පිටකොටුවේ තොග වෙළඳසැල් 5 වැනි දා වසයි රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළඳුන්ට සිදුව තිබෙන විශාල පාඩුව හා රජයෙන් කඩිනම් සහනයක් සහනයක් ඉල්ලා පිටකොටුව තොග වෙළඳසැල් 5 වැනි දා වසා දැමීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනකරුවගේ සහ තොග වෙළඳන්ගේ සංගමයේ මහ ලේකම් ජී ඉලමනාදන් මහතා පැවැසීය. 03 February 2019
මත් සාදයක් පැවැත්වූ ෆේස්බුක් මිතුරන් 89 ක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය භාවිතා කරමින් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක මුහුණු පොතේ මිතුරන්ගේ සාදයක් පවත්වමින් සිටි කාන්තාවන් 06 ක් ඇතුළුව පුද්ගලයන් 89 දෙනෙකු අද (03) අලුයම අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 03 February 2019
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍යය අධිකරණයක් මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 03 February 2019
සේනා මැඩලීමට වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවයි සේනා දළඹුවා මර්දනය කිරීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහා තමන් මෙතෙක් ගෙන ගිය වෘත්තීය ක්‍රියා මාර්ග අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය පවසයි. 03 February 2019
කටුනායක ගුවන් තොටේ ඩ්‍රෝන යැවූ 4 ක් අත්අඩංගුවට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අධි ආරක්ෂිත කලාපය තුළ ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කරමින් වීඩියෝ දර්ශන සිදු කළ මාලදිවයින් ජාතිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 03 February 2019
සිංහ රාජයෙන් කෘමීන්-සමනලුන් රැගෙන ගිය ස්ලෝවැකියානුවන්5 දෙනා රිමාන්ඩ් සිංහරාජ වනාන්තරයේ වෙසෙන කෘමි සහ සමනල වර්ග ඇතුලූ ශාක මෙන්ම බීජවර්ග රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් ස්ලෝවැකියානුවන් පස් දෙනා මේ මස 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා ගුනවර්ණසූරිය මහත්මිය නියෝග කළාය 03 February 2019
සති අන්ත නිවාඩුවට කොටුව - නානුඔය විශේෂ දුම්රියක් අද (02) සිට එළඹෙන සති අන්ත දිර්ඝ නිවාඩුව සඳහා කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය. 02 February 2019
වඳවී යන සතුන් සමඟ ස්ලෝවැකියානුවෝ 5ක් අත්අඩංගුවට වඳවී යන සතුන් වර්ග ඇතුලුව කෘමී සතුන් දහස් ගණනක් හා ශාක කොටස් රැසක්ද සිංහරාජ වනාන්තරයෙන් පිටතට ගෙනයාමට තැත්කළ ස්ලෝවැකියානු ජාතිකයන් 5දෙනෙකු වන සංරක්ෂණ නිලධාරීන් විසින් අද (02) පෙරවරුවේ සිංහරාජ කුඩව පිවිසුමේදී අත්අඩංගුවට ගනුලැබ ඇත. 02 February 2019
මහනුවර ගොඩනැගිල්ලක ගින්නක් මහනුවර කොළඹ වීදියේ වෙළෙඳ ගොඩනැගිල්ලක ගින්නට හටගෙන ඇතැයි පොලිසිය කියයි. 01 February 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026