( ළහිරු හර්ෂණ )
 
රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඇතුළු පිරිසකගේ ශිෂ්‍ය භාවය හෝසි කිරීමට එරෙහිව විරෝධය දක්වමින්  අන්තර්  විශ්ව විද්‍යාල  ශිෂ්‍ය  බල මණ්ඩලය සිසුහූ පිරිසක්  උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට පැමිණ සිටිති.
 

 විරෝධතා පාගමන සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් ඇරැඹිණි. සිසුහු 500 ක් දෙනා පමණ මේ වනවිට අමාත්‍යංශ භූමියේ රැදී සිටිති.
 
සිසුහු 15 දෙනකු  සාකච්ඡාවකට කැඳවීමට නියමිත බව   අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු  විරෝධතාවයේ නියැලී සිටිති.