(ඉන්දික අරුණ කුමාර සහ රංජිත් කරුණාවීර විල්ගමුවේ සිට)
දේශපාලනඥයින් සහභාගී වන පාසල් උත්සව පැයකට සීමා කළ යුතු බවට චක්‍රලේඛයක් තමා විසින් නිකුත් කළද එය තමා අතින්ම උල්ලංඝණය වීම සම්බන්ධව පැමිණ සිටින සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බව අධ්‍යාපන, ක්‍රිඩා හා යෞවන කටයුතු පිළිබද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (16) පළමු ශ්‍රේණිය සදහා පාසල් දරුවන් ඇතුළත් කිරිමේ ජාතික උත්සවය පැවති ලග්ගල මැතිවරණ කොට්ඨාශයේ විල්ගමුව-නුගගොල්ල, ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ පැවති උත්සවයේදීය.
පාසල්වලට දේශපාලනඥයින් සම්බන්ධ වන නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් හෝ ක්‍රීඩා උළෙලක් වී නම් හෝ ජාතික උත්සවයක් වේ නම් එය පැය එකහමාරක කාලයකින් නිමා කළ යුතු බවට තමන් විසින් චක්‍ර ලේඛයක් පාසල් වලට යොමුකර කළද මේ අවස්ථාවේදී පැය දෙකකට අධික කාලයක් උත්සවය පැවැත්වීම සම්බන්ධව අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ නැවත වතාවක් මෙවැනි තත්ත්වයන් ඇති වීම වලක්වා ගැනීමට අදාළ බලධාරීන් පියවර ගත යුතු බවයි.
උදෑසන 8.30ට පමණ ආරම්භ වූ උත්සවය උදෑසන 11 පමණ වන තෙක් පැවැවිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද කීය.
‘අධ්‍යාපන ඇමතිතුමා පත්වෙන දිස්ත්‍රික්කයෙන් ජාතික පාසල් ටික හැදෙනවා.මේ පාර් ලිමේන්තුව විසුරුවන්න කලින් ජාතික පාසල් දහයක් අනුමත කළා. හතරක් කුරුණෑගල හතරක් පොලොන්නරුවේ හැබැයි ලංකාවේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 124 කට එකම ජාතික පාසලක් වත් නැහැ.
ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ඇමති වෙනවා එහෙම කියලා මාතර ජාතික පාසල් දාන්න ඕනෑද, අධ්‍යාපන ඇමතිවරයෙක් ඌවෙන් බිහිවෙනවා අධ්‍යාපන ඇමති කෙනෙක් එක රැයෙන් ඌවේ ජාතික පාසල් 21 ක් බිහි වෙනවා.
ඒක ද දර් ශණය ? එදා ගෝඨාභය ජනාධීපතිතුමත් මහින්ද අගමැතිතුමත් මට කිව්වේ මේ ඉදිරි මාස තුන ඇතුලේ ලංකාවේ එකම ජාතික පාසලක් වත් නැති ලංකාවේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 124 ඇතුළේ ජාතික පාසල් 124 ක් පිහිටු වන්න කියලා. ඒකයි මට දීපු මග පෙන්වීම. අපි සිරවී ඉන්න කොටුවෙන් එළියට යන්න ඕනේ.
ඉදිරි දින සීයය ඇතුළත විල්ගමුවේ, ලග්ගල,අඹන්ගග කෝරළේ,යටවත්තේ, පල්ලේපොල, ගලේවෙල මේ කොට්ඨාශ හයේ ජාතික පාසල් 06 පිහිටුවීම සදහා අලුත් ආණ්ඩුවත් විදිහට කටයුතු කරන බව මේ අවස්ථාවේ දී ඉතාම හැගීම් බරව ඔබට කියන්නට ඕනේ ඔබේ ගමට ඇවිල්ලා‘
විල්ගමුව - නුගගොල්ල, ධර් ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ පැවති එක වසරට පාසල් දරුවන් ඇතුළත් කරගනීමේ උත්සවයේ දී අධ්‍යාපන අමාත්‍ය වරයා විසින් පාසලේ එක ශ්‍රේණියේ දරුවන් ඇතුළත් කිරිමේ ලේඛණයේ දරුවන්ගේ නම් සටහන් කරමින් පාසල් දරැවන් පාසලට ඇතුළත් කර ගැනීම සිදුකළ අතර, දරුවන් සදහා එක ශ්‍රේණියේ පෙල පොත් කට්ටල ලබාදීමද සිදුකරන ලදි.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.චිත්‍රානන්ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ,මාතලේ දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍ර නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, හිටපු පළාත් සභා මන්ත්‍රි තිලක් බණ්ඩාර මහත්වරු ඇතුළු අධ්‍යපන ක්ෂේත්‍රයේ නිලධාරිහු රැසක් සහ දු දරැවන් මෙන්ම නුගගොල්ල විදුහලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු දෙමව්පියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයන්ට පාසල් වල උත්සවවලට ආරාධනා කිරීම සම්පූර්ණයෙන්ම නතර වුණා නම් තමයි හොඳ... රටේ පාර්ලිමේන්තුවක් තියෙන්නේ. එතැන තමයි කතාකරන තැන...
ජාතික පාසල් හෝ හොඳම පාසල ළඟම පාසල් සංඛ්‍යාව වැඩිකළාට වැඩක් නෑ.. මහත්මයා පහසුකම් හා හොඳ අධ්‍යාපනයක් විනයක් හදන්න කෙළඹ රාජකීය, අානන්ද වගේ පාසල්වල තියෙන සියළු පහසුකම් හා අධ්‍යාපනය දිස්ත්‍රික්කයක පාසල් 03කට වත් දෙන්න. අන්න එදාට තමා අධ්‍යාපනය හරි මගට යන්නේ... නැත්නම් ඔය විකාරවල තේරුමක් නැහැ. ගිහින් බලන්න තියෙන ජාතික පාසල්වල අධ්‍යාපනයක් වෙනවද කියලා... ගන්න ළමයින් ප්‍රථිඵල ගන්නේ ටියුෂන් ගිහින් නේද කියලා..?
අනේ මහත්තයෝ, වැරදි පූර්වාදර්ශ බොරුවටවත් දෙන්න එපා. දැන් අනික් ගොයියලාත් ඔහොම කරන්න පටන් ගත්තොත් අපට කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ. දැන් හඬපට අහනවා මදිවට සමාව ඉල්ලීම් වලින් ආණ්ඩුවේ ටීවී, ආණ්ඩුවේ එෆ් එම්, කඩේ යන ටීවී කඩේ යන එෆ්.එම් ආදිය පිරෙන්න පටන් ගනී. ඒ හින්දා ඔය සමාව ඉල්ලීම ඉල්ලා අස්කරගන්නවා නම් හොඳයි. අපි ගැන අනුකම්පා කරලා...
පාසල්වල, උත්සවවල ප්‍රධාන ආරාධිතයින් ලෙස ආබාධිත රණවිරුවෙක් ගෙන්වන්න. එම පාසලේම ආදි සිසුවෙක් නම් වඩා හොඳයි. එහෙම නැතිනම් රට වෙනුවෙන් ජීවිතය පූජාකළ පාසලේ ආදි සිසුවෙකුගේ හෝ ඒ ප්‍රදේශයේ ජීවත් වූ රණවිරුවකුගේ දෙමව්පියන් ගෙන්වන්න. ආබාධිත රණවිරුවාට අභිමානයක් දෙමාපියන්ට ආඩම්බරයක් දැනේවි.. රටට කල සේවය අගය කිරීම ගැන.
මීට කලිනුත් වරක් වෙන දෙයකට සමාව ඉල්ලුවා මතකයි. සමාව ඉල්ලීම විහිළුවක් කරගෙන වගෙයි.
පල්ලි ගිහින් කියලා හිතුවද? වැරදි කළානම් දඬුවමක් දෙන්න අවශ්‍යයි. නැතිනම් හැමෝම වැරදි කරලා, අනේ සමාවෙන්න කියනවා. මේ උත්සවයට සහභාගි වීමට ඉන්ධන ඇතුළු රජයෙන් වැයකළ මුදල් අයකරගත යුතුයි.
දේශපාලුවන් කවද්ද කියපු දෙයක් හරියටම කෙරුවේ..?
කටමැත දොඩවන වැඩ බැරීම කෙනා තමා අධ්‍යාපන ඇමතී කමට දාලා ඇත්තෙ.
මහජනතාවට තමා අවංකයි කියලා පෙන්නන්න සමාව ගන්නවා. බොරු බයිලා.
3 වෙනි ෆොටෝ එකනම් හරි ලස්සනයි.
අනේ ඒකට කමක් නෑ ඔයා සමාව ඉල්ලුව එකම ඇතිනෙ වහල්ලුන්ට චූන් වෙන්න.
මහජනයාගෙන් ප්‍රසිද්ධිය පතාදමන ගොන්පාට්... මේවා කල්ගිය රෙදි වැරලි...
අනේ මහත්මයා, වැරදිවැඩ කරලා සමාව ගන්න එපා. වරදක් කියලා දැනගෙන පස්සේ සමාව ගන්න, නිහීන වෙන්න එපා. ඔබතුමා, හොඳ සිංහලයෙක් නම්, ළමයෙකුට නිවැරදිව ප්රවෘත්ති කියලා ලියන්න. කියවන්න ඉගැන්නුවා නම් ඒ ඇති. ලෝකේ ජීවත්වෙන්න පාඩමක් කියලා දෙන්න. අද ගුරුවරු කීදෙනෙකුට නිවැරදිව වචනයක් ලියන්න, උච්චාරණය කරන්න පුලුවන්ද කියලා, සොයලා බලන්න.
අපේ ආණ්ඩුව ජාතික පාසල් 124 ක් හැදුවා කියල පාරම්බාන්න තියෙන පාසල් වල බෝර්ඩ් ලෑල්ල වෙනස් කරලා වැඩක් නැහැ. එක හා සමාන පහසුකම් තිබිය යුතුයි. ගොඩක් දේශපාලකයෝ කරන්නේ කොමිස් ගහලා මහල් ගොඩනැගිල්ලක් හදලා ජාතික පාසල කියල බෝර්ඩ් එක ගහනවා වෙන කිසිම පහසු කමක් නැතිව.