(මුදිතා දයානන්ද)
වසා දමා තිබෙන වාලච්චේන ජාතික කඩදාසි කර්මන්ත ශාලාව මාස කීපයක් ඇතුළත යළි ක්‍රියාත්මක කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමණාකරන අමාත්‍ය විමල් විරවංශ මහතා අද (16) පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ වාලච්චේන ජාතික කඩදාසි කම්හල නිරික්ෂනය කළ අවස්ථාවේදිය. අක්කර 500කට ආසන්න භූමි භාගයක පැතිර ඇති මෙම කර්මන්ත පරිශ්‍රයේ පිහිටි පරිපාලන ගොඩනැගිල්ල, යන්ත්රාගාරය, බොයිලේරු අංශය, වැඩබිම් අංශය, ආදී සියල්ල ඇමතිවරයා නිරික්ෂනය කළේය.
ප්‍රදේශයේ තරුන තරුණියන්ට රැකියා ලබාදීමේ උල්පතක් ලෙසත්, කඩදාසි, කාඞ්බෝඞ් සඳහා පිටරටට ඇදි යන විදේශ විනිමය මෙරට රඳවා ගත හැකි ධන උල්පතක් ලෙසද මෙම කඩදාසි කම්හල යොදාගත හැකි බවද ඇමතිවරයා එහිදි පැවසීය.
මෙම කඩදාසි කම්හල වසා දන විටත් හාරසීයක පමණ සේවක පිරිසක් සේවය කරමින් සිටි බවද ඔහු පැවසීය. මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යංශ ලේකම් ජේ. ඒ. රංජිත් මහතාද ඇතුලූ නිලධාරින් පිරිසක්ද එක්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහා සංදර්ශන තියාගෙන පටන් ගත්තා පෑලියගොඩ සිටි එකේ වැඩ ඉවර කරලා උන්නොත් හොඳ නැද්ද?
අනේ විමලෝ.., කතාව පැත්තකින් තියලා වැඩක් කරන්න. අනික ආයේ පෙරළුණාම උසාවි ගානේ යන්න වැඩ කරන්න එපා...
යූ ටර්න් ජනාධිපති එම්සීසී, සෝෆා ගිවිසුම් අත්සන් කරාට පස්සේ ඕවා වැඩක් නැහැ. ඇලිස් වෙල්ස් ලංකාවටම ඇවිල්ලා බරපතල ප්‍රකාශයක් කරලා ගියා. රනිල් ඉන්නකොට ආවානම් කළු කොඩි. දැන් රතු පාවඩ. ඒවා මුකුත් ඇහුනේ නැහැ.., දැක්කේ නැහැ වගේ වුවමනාවෙන්ම නිර්වින්දනය වෙලා වගේ ඉන්නවා. ඇලිස් වෙල්ස් ආවේ රට පාවාදෙන ගිවිසුම් අත්සන් කරන බවට සහතිකයක් ගන්න. අර හොර කමිටුව දැම්මේ ඒ ගිවිසුම් මිනිස්සුන්ගේ ඇස වහලා නැවත සකස් කරන්න. යටින් යන්නේ වෙන ගේමක්... ඇමරිකන් කාරයාවම ඕනේ කියලා පොළවේ පසුත් කාපු ගිහි, පැවිදි හොර දේශප්‍රේමීන් අද ඒ ගැන නිහඬයි. මේ ගත වෙන්නේ ලංකා ඉතිහාසයේ කළු අකුරින් ලියැවිය යුතු කාලයක්... සමහර ගිහි, පැවිදි හොර දේශප්‍රේමියෝ කිව්වා මේ එන්නේ රට බේරා ගන්න දියසෙන් කුමාරයා කියලා. දැන් පේනවා දියසෙන් කුමාරයා ඇමරිකාවට රට පාවලා දෙන හැටි...
ඉස්සර හිටපු අධිකරණ ඇමති කෙනෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඉහළ උසාවිවල තිබුණු පැරණි නඩුගොනු සියල්ලම වාලච්චේනට යවලා උසාවියේ ලේඛනාගාර හිස් කළා. මේ ඇමැතිටත් ඕනෑ නම් පුළුවන් පාස්පෝට් නඩුව, නිවාස නඩුව ඇතුළු ඔක්කොම නඩුවාර්තා වාලච්චේනට යවලම වැඩ පටන් ගන්න. අනික් සගයින්ගේනුත් හොඳ සපෝට් එකක් ලැබෙයි.
පහුගිය කාලේ ඔය කම්හල ක්‍රියාකාරකම් නවීකරණය කරනවා කියලා සෑහෙන දවසකට ඉස්සර තිබුණා වගේ මතකයි. ඒ වැඩ කවදාද නිමාවෙන්නේ? එතකොට බැරියෑ නැවත පටන්ගන්න.
අැමැතිතුමනි, කරුණාකර පරන්තන් රසායනික ද්‍රව්‍ය කම්හලත් ඉක්මනින් විවෘත කරන්න..
යන්නෙ කොහෙද? මල්ලෙ පොල් වගේ අදහස් දක්වලා තියෙන්නෙ. කරන්න හදන කාර්ය පැසසුමට ලක් කරන්න ඕන කවුරු කළත්. ඇඹ්ලිපිටියත් වාලච්චේනත් 2ම නැවත විවෘත කරන එක කෙතරම් හොදද? යූඇන්පී කාරයන් වනසපු රටේ කර්මාන්ත නැවත ගොඩ ගැනීමට කතා කරන එකත් ලොකු දෙයක්!
අම්මපා ඔය එක එක අඩබෙර අපට නම් වැඩකටම නැත. අවශ්‍ය වන්නේ කටවගේ වැඩකිරීමය...
අපි වැඩ පටන් ගත්තාම කතා කරමු.
කඩදාසි කම්හල් වලට අමුද්‍රව්‍ය ගෙනාවෙ පිටරටින්. ඊට හේතුව පිදුරු වල සිලිකා බහුලව තිබෙන නිසයි. කම්හල් නැවත පටන් ගත්තට අමුද්‍රව්‍ය ගෙනෙන්න වෙන්නෙ පිටරටින්.