වතුකම්කරු වැටුප වැඩිකරන ගැසට්ටුව පළ කිරිම අත්හිටුවයි වතුකම්කරුවකුගේ දෛනික දීමනාව රුපියල් 855 ක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අත්සන් කළ සාමුහික ගිවිසුම රජයේ ගැසට් පත්‍රයේ පළකිරිම අත්හිටුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දමිළ ප්‍රගතශීලි සන්ධානයේ නායකයෝ පැවසුහ. 01 February 2019
පෙම්වතිය යොදා ගෙන කප්පම් ඉල්ලූ අලෙවි විධායකවරයෙක් අත්අඩංගුවට සිය පෙම්වතිය යොදා ගනිමින් මෙරට ප්‍රධාන පෙළේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි තුනක කප්පමක් ඉල්ලූ බව කියන මාධ්‍ය ආයතනයක අළෙවි විධායකයකු කොළඹ අපරාධ කොට්ඨාසය අද (01) අත්අඩංගුවට ගෙන ඇත. 01 February 2019
‘නව රේගු අධ්‍යක්ෂක පත් කළේ කැබිනට් තීන්දුවට අනුවයි’ නව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරිමට කටයුතු කළේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට අනුව යැයිද ඊට එරෙහි වීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නැතැයි ද මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අද (1) රේගු වෘත්තීය සමිති නියෝජිතවරුන්ට ප්‍රකාශ කර තිබේ. 01 February 2019
අස්වැන්න මිලදී ගැනීම අවසන් වනතුරු බඩඉරිඟු ආනයනය නවත්වයි මෙරට ගොවීන් සතු සමස්ත බඩඉරිඟු අස්වැන්න මිලදී ගැනීම අවසන් වනතුරු බඩඉරිඟු ආනයනය නවතා දැමූ බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය. 01 February 2019
තෙල් සංස්ථා සිද්ධියට ඇමැති අර්ජුන ගැන ගන්නා පියවර දන්වන්න නියෝග ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ඇතුළුව පුද්ගලයකුට පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව නිතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (01) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය. 01 February 2019
නිදහස් සැමරුමට එළිසබෙත් මහ රැජිනගෙන් සුබ පැතුම් පණිවුඩයක් ශ්‍රී ලංකාවේ ජනතාවට සතුට සහ වාසනාව ප්‍රාර්ථනා කරන බව නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් බි්රතාන්යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින සඳහන් කරන්නීය. 01 February 2019
බත්තරමුල්ල - කෝට්ටේ වෙනම මහනගර සභාවක් කිරීමට යයි පරිපාලන ආයතන ගණනාවක් යටතේ පාලනය වීමෙන් ඇතිව තිබෙන ගැටලු වළක්වා බත්තරමුල්ල -කෝට්ටේ ප්‍රදේශය වෙනම මහනගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (01) පැවසීය. 01 February 2019
සාකච්ඡා අසාර්ථකයි:රේගු වර්ජනය දිගටම රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය දිගටම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි. 01 February 2019
ලංකාවට නව රාජ්‍ය ත්රාන්ත්රිකයෝ 12 ක් ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ දොළොස් දෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ. 01 February 2019
‘දුප්පත්කම තුරන්කිරීම රජයේ ප්රතිපත්තියයි’ ප්රජාතන්ත්රවාදී සමාජ සාධාරණ, තරගකාරී ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් බිහිකොට දුප්පත්කම තුරන් කිරීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 February 2019
‘මැතිවරණයක් පැවැත්වීමට නොහැකි නම් අධිකරණයට යන්න‘ මැතිවරණ කොමසාරිස්තුමාට පවතින බලතල අනුව මැතිවරණයක් පැවැත්විය නොහැකිනම් අධිකරණයට යායුතු බවද එසේ නොමැතිනම් ඉල්ලා අස්වීම සුදුසු බවද හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 01 February 2019
අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක් ජාතික ආණ්ඩුවක් බිහිකර අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාවක් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. 01 February 2019
නිදහස් උළෙලට ෆොන්සේකා නෑ ජාතික නිදහස් දින උත්සවයට හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවනු ඇතැයි වාර්තා වෙයි. 01 February 2019
‘ජාතික නිදහස් දින පෙරහුරුව අද නැහැ‘ ජාතික නිදහස් දින පෙරහුරුව අද (01) දින නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 01 February 2019
දිවයින පුරා ඖෂධවේදීහු වැඩ වරති සේවා අවශ්‍යතාවක් නොමැතිව කරන ලද අනිසි බඳවා ගැනීමකට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01) ලෙඩ නිවාඩු දමා ඇත. 01 February 2019
ලක්ෂ 200ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට රුපියල් 20,000,000ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් කොළඹ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 01 February 2019
මැතිවරණ කොමිසම ඩිජිටල්කරණයට මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල් කිරීමට රජය තීරණය කර තිබේ.ඩිජිටල්කරණය කිරීමට මූලික සැලසුම් මේ වනවිටත් සකස්කර තිබෙන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පැවැසීය. 31 January 2019
‘‘මේ වසර අලුත් ආණ්ඩුවක් හැදෙන - හදන වසරක්‘‘ මැතිවරණ වසරක් වන මෙම වසර රටේ අලුත් ආණ්ඩුවක් හැදෙන හා හදන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී අද (31) පැවසීය. 31 January 2019
හෙරොයින් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් බංගලාදේශයට ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් කිලෝ 272 ක් වූ විශාලම හෙරොයින් මත්කුඩු තොගය හා සම්බන්ධ සිදුවීමට අදාළව බංගලාදේශයෙන් අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් පස් දෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බංග්ලාදේශය බලා යාමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 31 January 2019
විදුහල්පතිවරු විරෝධතාවයකට සැරසෙති උසස්වීම් ලබාදීම ඇතුළු ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් විදුහල්පතිවරුන් 4000ක සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට ලබන 6 වැනිදා පෙරවරු 10.00 ට දැවැන්ත විරෝධතාවයක් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරයි. 31 January 2019
දුම්රිය සේවක හිඟය ගැන ඇමතිට ලියයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉදිරි කාලයේදී දැඩි සේවක හිඟයක් නිර්මාණය වීමට නියමිත බැවින් ඒ ගැන අවධානය යොමුකර කඩිනම් වැඩපිළිවෙළක් යොදන්නැයි ද ඉල්ලමින් දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාට ලිපියක් යොමු කර ඇත. 31 January 2019
චීන සමාගමකට නීතීඥ සේවාව සැපයීම තහනම් කරමින් අතුරු තහනමක් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කරමින් සමාගම් ආඥා පනත යටතේ ලියාපදිංචි කර ඇති චීන සමාගමකට නීතීඥ සේවා සැපයීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය. 31 January 2019
විග්නේශ්වරන්ට එරෙහි පැමිණිල්ලේ විරෝධතාව පිළිබද නියෝගය කල්යයි අභියාචනාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධ මුලික විරෝධතාව පිළිබද නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන පෙබරවාරි 13 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (31) නියම කරන ලදී. 31 January 2019
ගෝඨාට එරෙහි නඩුවේ මූලික විරෝධතාවට තීන්දුව 11 වැනිදා වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කලේයැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට විශේෂ මහාධිකරණය අද (31) තීරණය කළේය. 31 January 2019
කටුනායක ගුවන්තොටේ ආගමන විගමන කටයුතු තවත් කඩිනම් කරන්න පියවර කටුනායක ගුවන් තොටුපොලෙහි ආගමන විගමන කටයුතුහි ප්‍රමාදය වළක්වා ගැනීම වෙනුවෙන් පියවර කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක කිරිමට සැළසුම් කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. 31 January 2019
පවුඩර් වර්ගයක් රටින් ගෙන්වීම නවතයි පිළිකා කාරක ඇස්බැස්ටොස් ඇති බවට තහවුරු වීමෙන් පසු ළදරුවන් සඳහා භාවිතා කරන පවුඩර් වර්ගයක් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. 31 January 2019
එජාප සමඟි සන්ධාන රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්ට යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද ( 31) යවනු ලැබීය. 31 January 2019
මාධ්‍ය මර්දනය ගැන විමර්ශනයට මානව හිමිකම් කොමිසම සැරසෙයි මාධ්‍යවේදීන්ගේ ඝාතන හා අතුරුදන්වීම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු පවතී නම් ඒවා ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කිරීමට සූදානම් යැයි එහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය තම සංවිධානයට පැවැසී යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 31 January 2019
වෙලේ සුදාගේ’ අභියාචනය සළකා බැලීම පෙබරවාරියේ තමා මරණ දඬුවමින් නිදහස් කරන මෙන් ඉල්ලා ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය පිළිබඳ කරුණු තහවුරු කිරීම ලබන පෙබරවාරි 07 සහ 15 යන දෙදින සිදු කිරීමට අභියාචනාධිකරණය අද ( 31) තීන්දු කළේය. 31 January 2019
සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයක ශ්‍රී ලංකාවේ පළාත් සභා නවයෙහිම මැතිවරණය එකම දිනයක පැවැත්වීමට රජය තීරණය කර තිබේ. 31 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026