(නාලක සංජීව දහනායක)
පසුගිය රජයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටු කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද(14) පැවැසීය.
එහෙත් රාජ්‍ය සේවයේ යෙදී සිටියදී කිසියම් වරදක් කිරීම හේතුවෙන් සේවය අත්හිටුවීම වැනි සිදුවීම් දේශපාලන පළිගැනීම් ලෙස නොසලකන බවත් එවැනි සිදුවීම් සදහා මැදිහත් නොවන බවත් අගමැතිවරයා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වෘත්තීය සමිති නියෝජිතයන් සමග අරලියගහ මන්දිරයේදී අද (14) පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා ම් බව සදහන් කළේය.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායකවරයා වශයෙන් සිටියදී පිහිටුවනු ලැබූ ඔම්බූට්ස්මන් කාර්යාලයට හා දේශපාලන පළිගැනීමට ලක්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවා ඇති කමිටුවට ලැබීඇති පැමිණිලි සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සොයා බැලෙනු ඇත.
පසුගිය රජය සමයේදී සේවය අත්හිටුවීම, ස්ථාන මාරුකිරීම්, තනතුරුවලින් පහළ දැමීම වැනි පළිගැනීම් හේතුවෙන් නිළධාරීන් හා සේවකයන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.
එවැනි සිදුවීම් සම්බන්ධයෙන් සියලූම තොරතුරු දේශපාලන පළිගැනීමට ලක්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවා ඇති කමිටුවට ලබාදෙන ලෙසට අගමැතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන්හ.
මගී ප‍්‍රවාහන කළමණාකරණ හි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර, ගාමිණී ලොකුගේ, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ලසන්ත අලගියවන්න යන රාජ්‍ය අමාත්‍යවරුන්ද ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
72 වසරක් රට කරපු දෙගොල්ලම කලේ අපෙන් පළිගත්ත එක තමයි. අපට වෙච්ච අසාධාරණයට කවුද සාධාරණය ඉෂ්ට කරන්නේ? රට ණය කර ජනජීවිතය ව්‍යාකූල කලේ අපිද එතකොට..? කාට කියන්නද? අදටත් කරන්නේ එ්කමනේ..
ඔබ ජනාධිපති වී සිටියදී මෙවැනි දේ සිදුවූ අයටත් මේ සහනය තිබෙනවද? හිරගෙදර කිරිබත් උයනවා ඇති නේද? ලංකාවේ මිනිසුන් නොමග යන්නේ මේ හේතුන් නිසයි. දේශපාලකයින්ට ඕනෑවිදියට මිනිසුන්ව වැරදිදේට පොළඹවලා බලය නැතිවුණාම අලුත් ආණ්ඩුව හිරේ දමනවා. නැවත ආණ්ඩුවක් පත්වුණාම... හිරෙන් නිදහස් වෙනවා.
කැලෑ නීතිය තිබුණු කාලේ දේශපාලන පලිගැනීම් තිබුණේම නැහැ වගේ..
වෙන වචන වලින් කියනවා නම් "අපේ මිනිස්සුන්ට පහුගිය කට්ටිය කරදර කරලා තියෙනවා. අපට කඩේ ගියාට. දැන් අපි ඒවාට ඔවුන්ට සලකනවා"