(මහින්ද නිශ්ශංක)
චීනයෙන් ආනයනය කළ එස්-14 වර්ගයේ එන්ජින් දෙකේ බලවේග දුම්රියක්, ධාවනය අත්හදා බැලීමේ පරීක්ෂණ චාරිකාවක් සඳහා හෙට (16) මරදාන දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය කෙරේ.
මෙම පරීක්ෂණය චාරිකාවෙන් අනතුරුව මෙම බලවේග දුම්රිය ලබන සතියේ කොළඹ සිට බදුල්ල දක්වා තවත් පරීක්ෂණ චාරිකාවක යොදවා පසුව කොළඹ - බදුල්ල අතර ධාවනය කෙරෙන ‘දෙනුවර මැණීකේ’ දුම්රිය සඳහා යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම බලවේග දුම්රිය හතරක් ඉකුත් දෙසැම්බර් 30 දා චීනයේ සිට මෙරටට ආනයනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුම්රිය ටිකට් වෙන්කරන්න මාෆියාවක් දැන් තියෙන්නේ. සංචාරකයින්ට අපි රුපියල් පන්සීයකට ගන්න ටිකට් ගන්නවෙලා තියෙන්නේ දෙතුන්දාහකට.. ඒ මුදල දුම්රිය සේවයට එනවා නම් ඒත් කමක් නැහැ. දුම්රිය අලුතින් දැමීම වගේම දුම්රිය ටිකට් නිකුත් කිරීමත් විනිවිද භාවයෙන් යුතු ඇප්වලින්, වෙබ්වලින් කරන්න පුලුවන් මට්ටමට දියුණු කිරීම වැදගත් වෙනවා. ඉන්දියාවේ තියෙනවා වගේ ගමන් කරන පුද්ගලයාගේ දත්ත ටිකට් පතේ ඇතුළත් වෙනවා නම් හොර ටිකට් කාරයින්ට වැඩේ ටිකක් අමාරුවෙනවා...
මේවත් අර කුප්රකට ප්රංශ එන්ජින්, ඉන්දියන් එන්ජින් වගේ නොවේවා කියලා මේරටේ අමාරුවෙන් හම්බ කරලා නියමිත බදුගෙවන පුද්ගලයෙක් විදියට ඉන්නැයි ප්රාර්ථනා කරනවා.
එන්ජිම හදපු එකවත් රටවත් අපේ ඉංජිනේරුවන්ගේ නොහැකියාවට පලි නැහැ. එන්ජින් හරිහැටි ක්රියා නොකිරීම හේතු දෙකක් නිසා වෙන්න පුළුවන්. පළමුව නිර්ණායක දුන්නු අපේ ඉංජිනේරුවන්ගේ නොහැකියාව... වැරදි දත්ත මත ගෙන්නන්න ඇති. දෙවනුව මේවා ක්රියාත්මක කරවන රියදුරන්ගේ නොහැකියාව. ඔවුන් බොහෝ දෙනෙක් නව තාක්ෂණය ග්රහණය කරගත්ත අයවලුන් නොවෙයි. 1955 එන්ජින්වල ගුණ ගැන කියන හනමිටිකාරයින්. බේබද්දන් රෑනකුත් මේ ගොඩේ ඉන්නවා. 2013දී උතුරු දුම්රිය පලෙයි වලට ගිය කාලයේ රාත්රියේ දුම්රිය නවතපු රියදුරා සහ සහායකයා අපි ලැගුම් ගත්තු හෝටලයේ හිටියේ... රාත්රියේ බීමත්ව දමපු සද්දේ අපිට හොඳට ඇහුණා. පසුවද උදේම ඔවුන් මෙහෙයවපු දුම්රියේ තමයි අපිත් ආවේ... නවීන චීන වායුසමනය කළ බලවේග දුම්රියක්.... එහෙම බීපු මිනිසුන්ට උදේත් මත්පැන්වල බලපෑම තියෙන බව කන බොන අපිත් දන්නවා. මෙහෙමත් රටක්...