‘හැකි නම් රිෂාඩ් බදියුදීන්ට ඇමතිකමක් දීලා බලන්න’
එල්ල වූ චෝදනාවලින් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් නිදොස් බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්රකාශ කර ඇති බවත්, හැකිනම් ඔහුට ඇමතිකමක් දෙන්නැයි තමා අගමැති රනිල් වික්රමසිංහ මහතාට අභියෝග කරන බවත්, එසේ වුවහොත් උපවාසයකට රටම පෙළගස්වන බවත් පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.