( විජේරත්න රත්නායක )
වැසිකිළි අපද්‍රව්‍ය බදුලුඔයට මුදාහැරීම සම්බන්ධයෙන් ඇල්ල කුඹල්වෙල ප්‍රදේශයේ වැසිකිළි පහක් මුද්‍රා තැබූ ඇල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ වැසිකිළි හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගනු ලැබීය.
මෙම ස්ථානයෙන් ගලායන දහස් ගණනක් දෙනාට පානීය ජලය සපයන දෙමෝදර ජල සම්පාදන ව්‍යාපෘතියට එක්වන බැවින් මෙසේ බදුලුඔයට වැසිකිළි අපද්‍රව්‍ය එක්වීමට ඉඩහැරීම බරපතල වරදක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.
ඇල්ල හා කුඹල්වෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ඩී.එම්.එස්.එම්.ගුණසේකර හා ඩී.එම්.පී.කේ.බස්නායක යන මහත්වරු ඇල්ල පොලීසියේ හා ඩෙංගු මර්ධන සහායකවරුන්ගේ සහයෝගයෙන් අදාළ සෝදිසි මෙහෙයුම සිදුකළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd