( තිලිණි ද සිල්වා)
අබුඩාබිහිදී සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි
එලෙස රිය අනතුරින් මිය ගොස් ඇත්තේ, අබුඩාබිහි ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක නියුතු ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ය.ඔවුන් සමඟ එම ආයතනයේ සේවය කළ තවත් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි එම තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කර සිටී.
ලාංකික කතුන් දෙදෙනා ඇතුළු එම පිරිස රැගත් කුඩා බස් රථයක් අඩුබායි නගරයේ සිට අල් ෂහාමා ප්‍රදේශය පිහිටි ඔවුන් ගේ නවාතැන් පොළවල් වෙත ඇරලවීම සඳහා අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටියදී එම මාර්ගයේ ගමන් කරමින් තිබූ කන්ටේනරයක පසුපස ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව ඇත.
රිය අනතුරු සිදුවූ ස්ථානයේ දීම ලාංකික කතුන් දෙදෙනා ඇතුළු පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත.මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා සඳහා වන්දි ලබා ගැනීම සම්බන්ධයන් ඔවුන් සේවය කළ ආයතනය සමග සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එසේම ඔවුන්ගේ දේහයන් කඩිනමින් දිවයිනට ගෙන ඒම සඳහා එම මරණ සැකකටයුතු නොවන බවට පවුලේ සාමාජිකයින්ගෙන් ලිපියක් අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ එම ලිපිය ලද විගස එය අබුඩාබි රජයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කරන බවත්, ඉන්පසුව මියගිය කාන්තාවන්ගේ මෘත දේහයන් දිවයිනට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිදු කරන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
අදාළ ශ්‍රී ලාංකික කාන්තාවන් ගමන් ගත් බස් රථය අනතුරට ලක්වන ආකාරය සී.සි.ටී.වී. කැමරාවක ද සටහන් වී ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට නිවන් සුව ලැබේවා !
වන්දි ලබා ගැනීමට ඇයි ආයතනය සමග කතා කරන්නේ ? විදේශ සේවා එකේ රක්ෂණය වෙලා නෙමේද මේ අය රට ගියේ ?
දෙදෙනාටම නිවන් සුව පතමි ! ගොඩක් ආර්ථික සහ සමාජීය ප්‍රශ්නත් එක්ක මේ මිනිස්සු කරන ජිවන අරගලයට කවදාවත් වටිනාකමක් ලැබුනේ නැහැ. මොනවා උනත් මෙයාලට ලැබිය යුතු වන්දිය සම්පුර්ණයෙන් එයාලගේ ගෙවල් වලට ලබා දීමට බලධාරීන් කටයුතු කළ යුතුයි. මෙයාලට වැඩකරන සමාගමෙන් වන්දියක් නොලැබුනත් වාහනයේ රක්ෂණ සමාගමෙන් වන්දි මුදල් ලබාගත හැකියි. අවම ඩිරාම් 200,000.00 ( රුපියල් 9,850,000 ) විතර එක අයෙකුට. අඩුම ගානේ ඒ මුදලවත් හරියාකාරව මේ අසරණයන්ගේ ගෙවල් වලට ලබා දෙන්න කටයුතු කරන මෙන් බලධාරීන් දැනුවත් කරන්න. ඒක මෙයාලගේ ආත්මෙට සැනසීමක් වෙයි.
නිවන් සුව ! පව් අසරණ මිනිස්සු......
වරද සම්පූර්ණයෙන්ම ඉස්සරහින් ගිය කාර් එකේ. අධිවේගී මාර්ගයක වාහනයක් පදවන්න දන්නෙ නැති කෙනෙක් නිසා ජීවිත හයක් නැති වෙලා. පාකිස්තාන රියදුරු මහතාගේ හා මියගිය නේපාල හා ශ්‍රී ලාංකික පවුල් වල අයගේ නෑ හිතවතුනට බලවත් සංවේගය.
අහන්න දෙයක්ද සෞදියේ පාරක අපි ගියෙත් 120 පන්නලා. අධිවේගී මාර්ගයක ගියා නම් 140 පන්නලා යන්න ඇති. මෙහෙ වෙන ඇක්සිඩන්ට් වලදී අඳුනාගන්න බැරි තරමට හානිය වෙනවා.