(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13දෙනෙකුට එරෙහි නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුවේ චෝදනා 19ක් හැර සෙසු චෝදනා පවත්වාගෙනයාමට නොහැකි බවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේය.
ඒ අනුව එම නඩුවෙන් චෝදනා ලැබ සිටි රක්නා ලංකා සමාගම, ඇවන්ට්ගාඩ් සමාගම, පාලිත ප්‍රනාන්දු මහතා, එගොඩවෙල මහතා, සුජාතා දමයන්ති ජයරත්න මහත්මිය නමැති විත්තිකරුවන් 5දෙනා සියලුම චෝදනාවලින් නිදහස් කළ විනිසුරු මඬුල්ල සෙසු විත්තිකරුවන් 8දෙනාට එරෙහි නඩුව ලබන පෙබරවාරි 10 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළේය.
එමෙන්ම මෙම සිද්ධියට අදාල මාස තුන හමාරක කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වූ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා රුපියල් ලක්ෂ 5 මුදල් හා රුපියල් ලක්ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදාහැරීමට නියම කළේය.
මෙලෙස නියම කරන ලද්දේ ධම්මික ගනේපොළ, සභාපති මංජුල තිලකරත්න සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වෙන බව අහන්නත් ඕනද? රන්ජන් ඔබට ඇහෙනවද?
මේ අය නිදහස් වෙන බව අපිට කල්තියාම හිතුණා. කවර කතාද?
බොහොම හොඳ දෙයක්...
ඒකනේ ඉතින්.. බොරුවටනේ අපි කරදර වෙලා තියෙන්නේ..
ඔබට දැන් සතුටුයිද?
ස්වාධීනයි ! ස්වෛරීයි ! ....... එහෙම නොකලොත් ඔබ කියාවි... මෝඩ ගෑනි මං ... මෝඩ ගෑනි මං... කියලා.
අපේ රට සෞභාග්‍යය කරා යන අභීත ගමනක්.. ජයවේවා !!!
ගරු ජනාධිපතිතුමනි, කරුණාකර නිස්සංකටත් නාමයෝජනා දෙන්න. ඔහු බොහෝ දේවල් කරනවා කියලා මම විශ්වාස කරනවා.
මේක අපේ ප්‍රජාතන්ත්‍රවාදී උරුමයයි. රටේ කරුමයයි. ඊළඟ වාසනාවන්තයා දුමින්ද සිල්වා මහතාය. රංජා ගැනයි කණගාටු...
මේ පුවත් දාද්දි පුළුවන් නම් මේකට කතාකරන ලෝයර්ගේ නම්ගම් දාන්න.
මෙම පුවතෙහි සඳහන් පරිදි "චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් " නඩු පවරලා තියෙන්නේ. හත්දෙයියනේ... මේ තරම් චෝදනා සංඛ්‍යාවකට නඩු පවරන්න මොන තරම් කාලයක් මිඩංගු කරන්න ඇද්ද නීතිපතිවරයා විසින්? අනිත් වැදගත් කරුණ නම් මෙතරම් වැරදි ප්‍රමාණයක් සාමාන්‍ය මිනිසෙකුට කළ හැකිද? චෝදනා 7573කින් අඩුවශයෙන් එකක්වත් සනාතකිරීමට නොහැකිවීම අපට නම් මහා පුදුමයකි.
මෙච්චර චෝදනා කන්දරාවක් තියගෙන නිදහස් කරපු එකනේ පුදුමේ. සමහරවිට වැරදීමක් වුණාදෝ දන්නෙත් නැහැ..
පළවෙනි චූදිතයා රටේ ලොක්කා වුණාම මොන කතාද..?
රටේ ජනතාවට හිමිවිය යුතු ධනය කොල්ලකන්නේ මේ රටේ වීරයෝ කියන එක අද බොහෝ අයට අමතක වෙලා වගේනේ මෙතන කමෙන්ට් දාන්නේ..? මෙතුමාට රටේ ලොකු තනතුරක් දෙන්න වටිනා පුද්ගලයෙක්. රටේ සිටින හිඟන්නන්ව තව තවත් හිඟන තත්වයට පත් නොකර මේ රට කවදාවත් ගොඩගන්න බැහැ. පාලකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුට සමරන්න කිරිබතක් උයාගන්න තරම් වත්කමක් ලබා දුන්නොත් හිඟන්නන්ට ඒ හොඳටම ඇති... පරම ජනතා සතුට එයයි.
මොකද මෙයා දැන් රෝද පුටුවල, ඇමෙරිකාවේ සුකෝපබෝගී වාහන හිරේ නැති හින්දද? මෙයා ඔය පැතිවලට පැනපැන ඉන්න විජේදාසගේ හොඳ මිතුරෙක්.. ඇමෙරිකා ගෙනත් ලිමවූ සීන් වලින් ඩිස්නි ලන්තේ එහෙම රවුම් ගස්සන්න මොහුට කොයින්ද මෙපමණ සල්ලි... හිටපු හමුදා මේජර්වරයෙකු හැටියට මේ සියල්ලම රාජපක්ෂලාගේ ඇති හිතමිතුරුකම් තමයි. හමුදාවේ සිටි කාලයේ ගෝඨාභයගේ කිට්ටු හිතවතෙකු විය යුතුයි. හෙට අනිද්දා ඔහුත් නිදහස් වේවි. පසුව එසේම දුමින්දත් නිදහස් වේවි. මේ නව රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වයයි. වැරදි ඇති ඔවුන්ගේ අය සියල්ලෝ නිදහස් කර ගනිති. කර කියාගත නොහැකි සියල්ලන් හට සපිරි ගෙය සහ සියලු වැඩ දඬුවම් සැමදා සදා උරුමයි.
රන්ජන් ඔප්පු කරන්න පුළුවන් විදියට අධිකරණයට ඇඟිලි ගැහුවා. කපටි අය හීන්නූලෙන් ඇඟිලි නෙමෙයි අතම දානවා.
චෝදනා දහස් ගණනකින් අඩුම වශයෙන් සියයක්වත් පවත්වාගෙන යාමටවත් නොහැකි තරමට නඩු දැමීමට තරම් නීතිපති දෙපතමේන්තුව දුර්වලද?