( ජයන්ත සමරකෝන් )
මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස තරඟවදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (17) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙවර සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කරන අතර ඔවුන් සඳහා මේ වන විට ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ඇතැයි ඒ මහතා කීය.
ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා උගතුන් බුද්ධිමතුන් සිය ගණනකගේ අයදුම්පත් ලැබී ඇති බවත් එහි ජ්‍යෙෂ්ඨ උපදේශක රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් මණ්ඩලයක් සුදුස්සන් තේරීම ආරම්භ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පාරනම් අඹ සරණයි!!.
දේශපාලනයෙන් අතුගා දැමිය යුතු චරිතයක් තමා. ඊළගට රනිල් සහ මහින්දත් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය.
කමක් නැහැ. අපේ කාලකණ්ණිකමට අනුන්ට බැනලා මක්කරන්නද?
බඩගෝස්තරවාදී දේශපාලුවන් කවදාවත් දේශපාලනේ අත හරින්නේ නැහැ. බලතණ්හාවට වැඩිය දෙයක් නැතුවා වගේ...
ඇත්තටම මේ අයට ලැජ්ජාවක් නම් නැහැ. ඡන්දෙ දෙන අයට ඊට වඩා ලැජ්ජා නැහැ.
කව්ද මෙයාට ඡන්දෙ දෙන්නේ? ඇත්තටම ලැජ්ජා නහරේ කැපිච්ච කෙනෙක්...
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි. මෙයාගේ ලැජ්ජා නහර කපලද කොහෙද?
මම නම් දකින්නේ මේකත් හරියට ආයතන ප්‍රධානියා ඩ්‍රයිවර් වැඩේට එනවා වගෙයි...
පොඩි පහේ බලයක් ද තිබුනේ? ජනතාවගේ බලාපොරොත්තු සුණු විසුණු කෙරුවා.. ප්‍රධාන පක්ෂ දෙකම පාවා දුන්නා. කන්න දුන්නු අත හපා කෑවා. ඕවා තමයි කෙරුවේ. රටට, ජනතාවට මොනවද කෙරුවේ? දැන් ගම කන්න යනවා, පොඩි කඩයක් දාගෙන බලන්න ඡන්දය ඉල්ලන්න කලින් කොහොමද බිස්නස් සරුද කියලා... ජනතාවගේ පිළිගැනීම එ්කෙන් බලන්න පුළුවන්. පිළිගන්නවා කෙසේවෙතත් පළිගනියි... රටට, ජනතාවට වැඩනොකරන කට්ටිය හරිකැමතියි බලයට එන්න. පවුල රැකගන්න තමන්ගේ වාසියට ගොඩක් ඉස්සර හිටපු ජනාධිපතිලා නම්බුකාර විදියට හිටියේ.., විශ්‍රාම ගියාට පසු, මෙයාටයි, මහින්දටයි තියෙන්නේ සුවකරන්න බැරි ආසාවක් කවදාවත් රන් අකුරින් නම ඉතිහාස ගත වෙන්නේ නැහැ. හැරමිටියෙන් යනකම් දේශපාලනය කෙරුවට ජනතාවට අප්‍රියයි. දැන් මොනදේ කෙරුවත්...
අනේ නැවත එන්න එපෝ... ! කළ හරිය මදැයි...!
තනතුරු අත්හරින්න පුරුදුවෙන්න ඕනෑ කියලා අලුත් බණ පදයක් දේශපාලනයට එකතුකරේ මෙයා. ජනාධිපති වෙලා සෑහීමකට පත් නොවුණු දෙන්නෙක්ම රටම කෑවා...
මෙය දේශපාලනයෙන් ඉවත් කළයුතු රටට අවශ්‍ය නැති අයෙකි.. මම නම් කෙසේ හෝ පැරදවීමට මතයක් ගොඩනගමි.
ජනතාව ගැන අබ මල් රේණුවක් තරම් වත් නොහිතපු, ජනතාවට වැඩක් නොකරපු, කන්න දුන්නු අත හපා කාපු කෙලෙහි ගුණයක් නොමැති, තමන් කරන්නේ කුමක්දැයි නොදැන හිටි, ජනතාවගේ සල්ලි වලින් රට සවාරි ගිය, තමා මේ රටේ ජනාධිපති බව නොදැන සිටි, මෙකී නොකී අයෙකු පාර්ලිමේන්තු යවන්න තරම් පොලොන්නරුවේ ජනතාව බුද්ධිමත් නොවේ යැයි නොසිතමි.
අර අපේ තාත්තා කියලා පොතක්ද මොකක්දෝ ලියපු කෙල්ලටයි, ගුටිකාපු කොල්ලටයිවත් ලැජ්ජාව කියන එක ගෑවිලාවත් තියනවා නම් ඔය ලැජ්ජා, බයක් නැති වැඩ නතර කරපල්ලා. තමුන්ලාටත් ලැජ්ජාව කියන එක නැත්නම් අායේ වතාවක් ඉල්ලන්නට කියපල්ලා. කොහොම වුණත් පොළොන්නරුවේ කට්ටිය පොරට සලකන්න බලාගෙන ඉන්නේ කියන එකත් හිතට ගනිල්ලා....
රාජපක්ෂවරු මෙයා ලිස්ට් එකේ අන්තිමටම දානවා... ඒක නිසැකයි.
රට කාපු මනුස්සයව එළවා ගත්තේ බොහොම අමාරුවෙන්... ආයේ ගේන්නද හදන්නේ? කොහොමත් දැන් ශ්‍රී ලනිපෙට ඡන්ද නැහැ. මතකනේ ප්‍රාදේශීය සභා ඡන්දෙන් වෙච්ච දේ..
ජනපති වෙලා රටට දෙයක් කරන්න බැරිවුණු මිනිහා, මන්ත්‍රී කෙනෙක් වෙලා මොනවා කරන්නද? ඡන්දෙන්ම පරාජය කළ යුතුයි.
මාස 3න් විධායක ජනපතිකම නැතිකරලා ගෙදර යනවා කියලා ආවේ. තණ්හාවේ තරම පේනවා නේද? මෙදා පාර පොළොන්නරුවේ මිනිස්සුන්ගේ තරම බලාගත්ත හැකියි.
ශ්‍රේෂ්ඨ නායකයින් දෙපලක් පෝෂණය කළ මව්බිමට විශාල කර්මාන්ත නොබැඳි සමුලුව වැනි ජගත් සමුලු හරහා අසීමිත කීර්තියක් ගෙනදුන් ශ්‍රීලනිපයට කළ මහා දේට මුලු පුලතිසි ජනතාවම මොහුගේ ඇපයද රාජසන්තක කර මේ මව්බිමට ආදරය කරන්නවුන්ට දකින්නට නොලැබේවායි ප්‍රාර්ථනය කරමු.
ඕකට කියන්නේ විලිලැජ්ජාවක් නැතිකම කියලයි.
රජකම් කළත් හිඟන්නෙක් වෙලා කුණුබක්කි කන්න ආස නම් අපි ඒකට ඉඩදෙන්න ඕනෑනේ..
රටක්ම ගිනි තියාගෙන ගිහින්, කොලේ ඉරලා හොදි හලා ගත්ත මෙයා නම් ආයෙම පොළොන්නරුවට නම් එපා...