(මුදිතා දයානන්ද සහ නාලක සංජීව දහනායක)
ශාක්‍ය ජනපදය ඉදිකිරීම සඳහා ඉකුත් රජය විසින් පවරාගනු ලැබූ පිළියන්දල, රෙජිඩේල් වත්ත නැවත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම පවරා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන, සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.
ශාක්‍ය ජනපදය ඉදිකිරීම සඳහා ඉකුත් රජය විසින් පවරාගනු ලැබූ පිළියන්දල, රෙජිඩේල් වත්ත නැවත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම පවරා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන, සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.
ඒ අනුව මෙම ඉඩමේ එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අකැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
හිටපු බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් 2017 වසරේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය නිමිත්තෙන් මෙම ශාක්‍ය ජනපදය ඉදිකිරීමට පියවර ගනු ලැබිණ.
අක්කර 78 විශාලත්වයකින් යුතු මෙම ඉඩමේ ශාක්‍ය ජනපදය ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර තිබිණ.
බෞද්ධ කටයුතු හෝ ප්‍රදේශයේ පොදු ජනතාවගේ සුබ සිද්ධියට යොදාගන්නා ලෙස දක්වමින් කැස්බෑව ප්‍රදේශයේ ජීවත්වූ සමරකෝන් මුදලි නැමැති ධනවතකු මෙම ඉඩම මහා භාරකරුට පවරා ඇත.
බොල්ගොඩ ජලාශය ආශ්‍රිතව පිහිටා ඇති මෙම ඉඩම පැවැති රජයන් විසින් අවස්ථා හතරකදී විවිධ ව්‍යාපෘති සඳහා යොදාගත්තද ඒ සියල්ලම අතරමග නතර කරදමා තිබේ. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය දැරූ සමයේදී 2014 වසරේදී එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීම සඳහා මෙහි මුල්ගල් තැබීය. එහෙත් එයද මුල්ගලකට පමණක් සීමා විය.
මේ වන විට ඉඩම සම්පූර්ණයෙන්ම වල්බිහිවී තිබෙන අතර එහි ආරක්ෂක කටයුතු සදහා අධික වියදමක් දැරීමට සිදුවන බවද බුද්ධ ශාසන අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ අර මැණික් මල්ල ගත්ත ඩේසි ආච්චිගේ වත්තට දත ගැහුවේ මෙතන ඉඩම කොච්චර ලොකුද? ඊට වඩා, අනික බුද්ධාගමේ කටයුතුවලට දීපු ඉඩම සත්තු ගාල් කරන්න දීම කොච්චර නම් අපරාධයක්ද? ඒ දානපතියාට කරන්නේ අගෞරවයක්ද? දේශපාලුවන්ගේ තීරණ අනේ මන්දා...
මෙම ඉඩම මුදලිතුමා විසින් ලබාදෙන ලද්දේ බෞද්ධ කටයුතු හෝ මහජනතාවගේ පොදු කටයුතු සඳහා යොදාගන්නා ලෙසනම් ඊට අදාල කටයුත්තකට යොදාගත්තේනම් මැනවි.
කාලෙකට දැයට කිරුළ. තවකාලෙකට ගම්පෙරලිය. ශාක්‍ය ජනපද. දෙගොල්ලොම විනාශ කරන්න. ජනතාවගේ සල්ලි. අනේ මගේ රටට ගිය කලක්....
දැනට දියවන්නාවේ තියෙන සත්තු වත්තේ ඉන්න නරි, වල් ඌරො, රිලව්, ලේ බොන වවුල්ලු ඔක්කොම ඒ කියන්නේ 225 විතර සත්තු ගහණයක් ඔය කියන එළිමහන් සත්තුවත්තට ගෙනිහින් දමන්න. හැබැයි පිටත පරිසරයේ ඉන්න ඒ වර්ගයේම සත්තු සමග ආශ්‍රය කිරීම වළක්වන්න වේවි. නැතිනම් පිටත පරිසරයේ ඉන්න අහිංසක නිරෝගී නරි,වල් ඌරො ,රිලව්,වවුල්ලු ඔක්කොටම දියවන්නාවේ ඉන්න සත්තුන්ගේ තියෙන ලෙඩ රෝග ඔක්කොම බෝවේවි. දියවන්නාවේ ඉන්න සත්තුන්ට තියෙන ලෙඩ රෝග වලට තවමත්" එකම එක " බෙහෙතයි සොයාගෙන තියෙන්නේ.ඒ තමා " වෙඩි තබා - පුළුස්සා දැමීම ". ඒ තරමට දරුණු බෝවෙන ලෙඩ ඔය දියවන්නාවේ " සත්තුන්ට " තියෙන්නේ.
දියවන්නාව බැරිවෙයිද සත්තු වත්තට බදු දෙන්න, හරියටම ගැලපෙන තැන. සත්තුන්ට නිදහසේ ඉන්න හොදට ඉඩ තියනවා .,,,,,
ඒ ධානපතින්ගේ කාලේ බුදු දහමයි අද තියෙන දහමයි අහසට පොලව වගේ එකට යා නොවෙන දේවල්. ඊට වඩා හුඟක් හොඳයි රටේ අවශ්‍යතාවට අනුව සතුන් වත්තක් හදන එක. දෙස් විදෙස් සංචාරක අවශ්‍යතාවක් වගේම දෙහිවල හිර ගෙයක ඉන්න සතුන් නිදහසේ ඉන්න පරිසරයක් තුලට ගෙනෙන්න ඉඩක්. ඉතා වටිනා ක්‍රියාවක් හැබැයි නිවැරදි ලෙස කලොත් විතරක්.
සමරකෝන් මුදලිතුමා හිටියනම් ආයෙත් ඔහුටම පවරාගන්නවා
කාලයක් යද්දී ඕවා කාගේ හරි බුදලේ බවට පත්නොවොනොත් තමයි පුදුමේ.
කෝ දැන් අර හැම දෙයකටම කෑගහන මේවට අදාල බොදු උදවිය.