(ඩී.කේ.රත්න)

උමාඔය ව්‍යාපෘතියේ සේවයේ නියුතු ඉරාන ජාතිකයකු විසින් උමාඔය ව්‍යාපෘතියේම සේවයේ නියුතුව සිටි රියදුරකුට පිහියකින් ඇන බරපතල තුවාල ලබා අද (21) මොනරාගල සිරිගල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.

ඇල්ල කරදගොල්ල නවය කණුව ප‍්‍රදේශයේම පදිංචි ජේ.එන්.සමන් අනුරුද්ධ නැමති නැමති 28 හැවිරිදි පුද්ගලයකු මෙසේ පිහි ඇනුමට ලක්ව තිබේ.

ඉරාන ජාතිකයින් පිරිසක් කරදගොල්ල උමාඔය වැඩබිමේ නේවාසික කඳවුරේ සිට උමාඔය ව්‍යාපෘතියේ වැඩබිම දක්වා බස් රථයකින් රැගෙන යමින් සිටියදී එම බස් රථයේ සිටි ඉරාන ජාතිකයකු විසින් මහමඟ ගමන් කරමින් සිටියදී පිහියෙන් ඇන තුවාල කර ඇත.

උමාඔය ව්‍යාපෘතියේ සේවයේ යෙදී සිටින අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඉරාන ජාතිකයා  මෙම පුද්ගලයාට මෙලෙස පිහි ඇනුම් කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.