( ජයන්ත සමරකෝන්)
නුගේගොඩ බස් නැවතුම්පොළ සහ පොදු වෙළෙඳපොළට අවුරුදු 15 කට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අනවසර ජල වැටලීම් අංශය විසින් ශ්‍රී ජයවර්ධනපුර නගර සභාවට රුපියල් ලක්ෂ 9 ක දඩයක් නියම කර ඇත.
එම දඩ මුදලින් ලක්ෂ 5 ක් ඒ මොහොතේම ගෙවා ඇතැයිද, ඉතිරි මුදල බිල්පත් වලින් අය කර ගැනීමට කටයුතු කරන බවද වැටලීම් අංශයේ ප්‍රධානියෙක් පැවසීය.
ජල වැටලීම් අංශයට ලැබුණු තොරතුරු අනුව කළ වැටලීමකදී මෙම ජල සොරකම අනාවරණය කර ගැනීමට හැකිව ඇති අතර එම ආයතන දෙකට ජල සැපයුම අත්හිටවු බවද ප්‍රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු ඩයල්. ලංකාවම හොර පාරාදීසයක්. අපිට ඇයි බැරි මේ හොරකම් කිරීමේ තීක්ෂණ බුද්ධිය මෙහෙයවලා හිම වැටෙන රටක් අල්ල ගන්න ?