(නිමන්ති රණසිංහ)
පැහැරගැනීමට ලක් වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අයගේ දුරකතන වාර්තා සම්බන්ධයෙන් අද(21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක නිශාන්ත, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ දර්ශියා බැස්ටියන් යන අය සම්බන්ධ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශාන්ත සිල්වා නම් කතා කළේ එයාගේ ස්විස්ටර්ලන්ත වීසා එක ගැන වෙන්න ඇතිනේ. එතකොට නුතන ෂර්ලොක් හෝම්ස් මොකටද දන්නේ නැහැ මෙයාට කතා කළේ ?
දැන් බලනකොට ෂානි මැදිහත් නොවුණු සිද්ධියක් නැහැනේ. එහෙනම් ෂානි මේ කරලා තියෙන්නේ එයාට 2016 දී කොන්දේසි සපුරන පොරොන්දුව පිට දීපු SSPඋසස්වීමට එදා රජයට කෘතගුණ සැළකීම. ශානිට උසස්වීම දුන්නේ 2018 ඔක්තෝබර් වෙනකොට ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න කියන කොන්දේසිය සමග. ඒ උනාට සුදුසුකම් සපුරපු ඕනේ තරම් අය ඉන්නවා උසස්වීම් නැතිව.