ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කොට ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ස්ථාපිත කරගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ප්රජාතන්ත්රවාදය අතුගා දැමීමේ භයානක අනතුරෙන් රට ආරක්ෂා කර ගැනීමට එක්වන මෙන් සියලු ප්රගතිශීලී බලවේගවලට ආරාධනා කරන බව ද එජාප මහ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ඔස්සේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කොට, ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කරලීමට අපට හැකිවිණි. නමුත් වත්මන් රජය පිඹුරුපත් සකසමින් සිටින්නේ 19 වන සංශෝධනය හා ස්වාධීන කොමිසන් සභා අහෝසිකරලීමටය.
ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ නිදහස් සාමකාමී හා ප්රජාතන්ත්රවාද පරිසරය වෙනුවට යළිත් ඒකාධිපති පවුල් බලය ස්ථාපිත කරලීමටය. මෙය රටේ ජනතාව ඉතා අසීරුවෙන් දිනාගත් ප්රජාතන්ත්රවාදී අගයයන් ගණනාවක් යළි අවුරාලීමකි.
ප්රජාතන්ත්රවාදය අතුගා දැමීමේ රජයේ වෑයම වළක්වා දිනා ගත් නිදහස ආරක්ෂා කර ගැනීම මේ රටේ ජනහිතවාදී ප්‍රජාවගේ යුතුකමකි. එහෙයින් මේ භයානක අනතුරෙන් රට ආරක්ෂා කර ගැනීමට එක්වන මෙන් අපි සියලු ප්රගතිශීලි බලවේගයන්ට ආරාධනා කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
19 තිබුනා කියලා වූන හොඳක් කියන්නකෝ දන්නා කෙනෙක්.
මේ මෝඩ අය එක්ක තව මොන ගමනක්ද ? මේ අය කරපු විනාශය ලැජ්ජා නැතුව සමාජයට මෙයා මූන දෙනවනේ. ලෝකේ කිසිම රටක පාසල්වල ටැබ් දෙන් නෑ. මේයා අපේ රටේ ළමා පරපුර, ශ්‍රී ලංකා සමාජය විනාශ කරලා වැජඹෙන්න හදපු කෙනා. මොවුන්ගේ අනාගත සැලසුම්. පක්ෂයේ හරි ගසාගන්න බැරි අය රට ගැන මොන කතාද ?
අපෝ ඔව් අපි දැක්කා අවුරුදු හතර හමාරක් කරපු දේවල්.................
කොහොමද නැගී සිටින්නේ? නෙලුම් කුලන උඩට ද? දැන් එක්සත් ජාතික පක්ෂය කියා දෙයක් නැත!
කවදාවත් ජනාධිපති විය නොහැකි සූත්තර පුංචා තමාට බලයේ සිටින්නට දාපු වෙට්ටුව තමා 19 . එය අහෝසිකර රට ගොඩනැගීමට අවශ්‍යය ශක්තිය ගරු ගෝඨාභය මැතිඳුන්ට දිය යුතුයි.
19 ඉවත් කොට නැවත 18 ගෙනාවා කියන්නේ දරදඩු ඒකාධිපතියෙකු නැවතත් බිහිකිරීමක් නොවේද ...?
ඒ සඳහා අප දෙන හොඳම විසඳුම තමා ජනපති ගෝඨා සහ අගමැති සජිත්.
ආණ්ඩුවේ අඩු පාඩු බලන්නේ නැතුව තමන්ගේ පක්ෂයට අද තියන තත්වය ගැන බලන්න. දිවංගත ගාමිණි අතුකෝරාල හැර රනිල්ගේ නායකත්වය යටතේ පත්වූ ලේකම්ලා සියල්ල රනිල්ව ආරක්ෂා කළා මිස පක්ෂයේ දියුණුවට මොකුත්ම කළේ නැහැ. පක්ෂයේ ලේකම්ගේ වගකීම් පක්ෂය දිනවන්න කටයුතු කරන්න ඕනේ. නැතුව රනිල්ව ආරක්ෂා කළ යුතු නැහැ. පක්ෂයේ මන්ත්‍රී කණඩායමෙන් විමසන්නත් නැතුව, මෙයා විපක්ෂ නායකයාත් නම් කරලා. මෙයා වගේ ලේකම්ලා ඉන්නකල් එක්සත් ජාතික පක්ෂයට දිනන්න පුලුවන්ද?