ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය අද (21) ආරම්භ වීමට නියමිතය.
ඇමෙරිකානු ඉතිහාසයේ දෝෂාභියෝග විභාගයකට මුහුණ දෙන තෙවැනි ජනාධිපතිවරයා ඩොනල්ඞ් ට්‍රම්ප් වන අතර දෝෂාභියෝග විභාගයෙන් ට්‍රම්ප් වරදකරු වුවහොත් ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් කළ හැකිය.
“ජනාධිපති ධුරයට හිමිව තිබෙන බලතල අවභාවිත කිරීම, ඇමෙරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුව වන කොංග්‍රසයට බලපෑම් කිරීම” යන වගන්ති උල්ලංඝණය කළ බවට ඩොනල්ඞ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව එම වගන්ති යටතේ ඇමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා දෙකක් එල්ල වී තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීමෙන් නැවත ජනාධිපති ධුරයට පත්වීම සඳහා ඩොනල්ඞ් ට්‍රම්ප් යුක්රේනයෙන් සහාය ඉල්ලූ බවට ඔහුට එරෙහිව එක් චෝදනාවක් එල්ල වී තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර ඩොලර් මිලියන ගණනක් නවතාගෙන සිටි බවටත්සා කච්ඡාවක් සඳහා ධවල මන්දිරයට පැමිණෙන්නැයි යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කළ බවටත් ඔහුට චෝදනා එල්ල වී තිබේ. හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක් කරන්නැයි ද එහිදි ඩොනල්ඞ් ට්‍රම්ප් යුක්රේනයට බලපෑම් කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වී සිටී. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තේරී පත්වුවහොත් බයිඩන්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරාජය කරනු ඇතැයි සමීක්ෂණ වාර්තා පෙන්වාදෙයි.
පසුගිය වසරේදී දෝෂාභියෝග විභාගයේ පළමු කරුණු විමසීම පැවැත්විණි. එහිදි ධවල මන්දිර කාර්යමණ්ඩලයට කොංග්‍රසය හමුවේ සාක්ෂි ලබාදීමට ඉඩ නොදීම නිසා ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රසයට බාධා කළේ යැයි චෝදනා එල්ල වී තිබේ. ඔහුට එල්ල වී ඇති දෙවැනි චෝදනාව එයයි.
ට්‍රම්ප් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. මෙම විමර්ශන තමන්ගෙන් පළිගැනීමට කරන ඒවා යැයි ට්‍රම්ප් අවස්ථා ගණනාවකදීම කීවේය. රුසියාව 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට මැදිහත් වූයේ යැයි ද රුසියාව ට්‍රම්ප්ට ජනාධිපති වීමට උපකාර කළේ යැයි ද චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ද පැවැත්විණි. එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනුණේ නැත. දෝෂාභියෝග විභාගය ද ඒ ආකාරයේ ‘පලකට නැති වැඩක්’ යැයි ට්‍රම්ප් කියයි.
ඉකුත් අගෝස්තු මාසයේදී තොරතුරු අනාවරණය කළ පුද්ගලයකු ට්‍රම්ප්ට චෝදනා කළේය. ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් යන මාසවලදී අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විණි. තොරතුරු අනාවරණය කරන ලද්දේ ධවල මන්දිරයේ සේවය කරන්නකු යැයි ද පැවැසිණි. ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවලදී ඇමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සාක්ෂි සහ කරුණු විමසීම් ද සිදුකෙරුණි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටය.
ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කෙරුණු අතර දෙසැම්බර් 18 වැනිදා එහි එය සම්මත විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ට්‍රම්ප්ට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝග චෝදනාව සම්මත වුවද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු විය. ඒ අනුව ජනවාරි මස මුලදී දෝෂාභියෝග යෝජනාව සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව දෝෂාභියෝගය පැවැත්වෙන්නේ සෙනට් මණ්ඩලයේදීය.
මීට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරුන් වන ඇන්ඩෘ ජොන්සන් සහ බිල් ක්ලින්ටන් දෝෂාභියෝග විභාගවලින් පසු ජනාධිපති තනතුරින් ඉවත් කරන ලදි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ රිචඞ් නික්සන්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනා අතර එය විභාග කිරීමට පෙර ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය.
(ඒ.එෆ්.පී. සහ රොයිටර්ස්
055)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැත්තේ එහෙම එවනවා නොවෙයි.