(රංජන් කස්තුරි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටීමට නීතිපතිවරයා බැඳී සිටින නමුත් ඔවුන් එම තනතුරුවලින් ඉවත් වූ පසුව එම බැඳීම අවසන් වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව කිසියම් නඩු කටයුත්තකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයාට නොහැකි බවද ලංකාදීපය කළ විමසුමකදී යු.ආර්.ද සිල්වා මහතා කීය.
තවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට නඩු පැවරීමට නොහැකි අතර ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වූ පසුව ඔහුට එරෙහිව නඩු පැවරීමට හැකි බවද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රජයේ තවමත් පොලිස්පති අනිවාර්ය නිවාඩු ඇරලා ඉන්න කෙනාට නීතිපති කතා නොකරනේ ඇයි?