’මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න යන්න එපා’යි අපේම පිරිසක් ජාත්‍යන්තර පොලීසියට කිව්වා’
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නැයි තම පාලන සමයේ ජාත්‍යන්තර පොලීසියට දැනුම් දුන් විට ඒ රජයේම පිරිසක් ඔහු අත්අඩංගුවට ගැනීමට මැදිහත් නොවන්නැයි ජාත්‍යන්තර පොලීසියට දන්වා තිබූ බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (3) පැවසීය.